රුපියල් කෝටි ගණන් වලට විකුණුනු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී වරු.
පළාත්සභා මැතිවරණය කල් දැමීමට අවශ්‍ය නම් ජනමත විචාරණයක් පැවැත්විය යුතු බව අධිකරණය පසුගිය දා තීන්දු කළහ.එම තීන්දුවෙන් අධිකරණ තීන්දුව හැල්ලුවට ලක් කරමින් නීතියට පයින් ගසා හෝ මැතිවරණය කල් දැමීම සදහා වෙනත් උපාය මාර්ගයින් පිළිබද අවදානය යොමුකළ රනිල් සිරිසේන දෙදෙනා පනත් මගින් කාන්තා නියෝජනය වැඩි කරලීම පිණිස හා කොට්ටාශ ක්‍රමයට පළාත් සභා මැතිවරණය පැවැත්වීම සදහා තීන්දු කළහ.ඒ සදහා සරල බහුතරයකින් සම්මත කරගන්නා මැතිවරණ සංශෝධන පනතක් ප්‍රමාණවත් බව කියමින් පුරසාරම් දොඩමින් සිටියේ ආණ්ඩුවට නීතිපති වරයා විසින් දැනුම් දුන්නේ පාර්ලිමේන්තුවේ 2/3 බලයක් සහිතව පනත සම්මත විය යුතු බවයි.
සරල බහුතරයකින් සම්මත කර ගැනීමට නොහැකි වීමෙන් දැඩි ආතතියට පත් රනිල් වික්‍රමසිංහ එම මොහොතේ පාර්ලිමේන්තුවේ සිටි සියලු මන්ත්‍රී වරුන් කැදවා පනත සම්මත කර ගැනීමට අවශ්‍ය පරිදි නොපැමිණි සියලු මන්ත්‍රී වරුන් වහාම කැදවා ගැනීමට උපදෙස් ලබා දුන්හ..දුර බැහැර සිටින මන්ත්‍රී වරුන් වහාම ගෙන්වා ගැනීම සදහා හෙළිකොප්ටර් යොදවන ලෙස මලික් සමරවික්‍රම යෙදවිය.වහා ක්‍රියාත්මක වූ මලික් සමරවික්‍රම දයාගමගේට අයත් ගුවන් යානා හා නාවික හමුදාවට අයත් ගුවන් යානා යොදවා මන්ත්‍රී වරුන් 34 ක් පාර්ලිමේන්තුවටම ප්‍රවාහනය කරවිය.
ඒ අතර රවී කරුණානායක විසින් රුපියල් කෝටි 10 ක මුදලක් කතානායක වරයාගේ අසලින් තබා ද්‍රවිඩ සන්ධානයට යම්කිසි සංඥාවක් නිකුත් කරනු ලැබුවේ ද්‍රවිඩ ජාතික සන්ධානයට අවශ්‍ය කප්පම් මුදල කතානායක වරයා අසලින් ලබා ගැනීමට කටයුතු කරන ලෙසයි.
රටේ ජනතාවගේ පරමාධිපත්‍ය බලය රනිල් වික්‍රමසිංහගේ දෙපා මුලට ඇද දැමීම සදහා අනුර කුමාර දිසානායක ඇතුළු ජනතා විමුක්ති පෙරමුණද මලික් සමරවික්‍රම හමුවී රුපියල් කෝටි 12 ක ලන්සුවක් ඉදිරිපත් කල අතර ඒ සදහා එවලේම මුදල් ලබා දීම සදහා අර්ජුන් ඇලෝෂියස් අනුර කුමාර දිසානායක හට සම්බන්ධ කොට අනුර කි ස්ථානයට මුදල් වහාම යවන ලෙස උපදෙස් ලබා දෙන ලදී.
මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී වරුන් පිරිසක් ඒකාබද්ධ විපක්ෂය හා එක් වීමට සුදානම් බව දැන ගත් රනිල් වහාම ඔවුන් ගෙන්වා අවශ්‍ය තරම් මුදල් ලබා දීමට කටයුතු කළ අතර ඇතැමෙක් රුපියල් කෝටි 02 බැගින් ලබා ගනිද්දී ඇතැමුන් රුපියල් ලක්ෂ 100 බැගින් අත්තිකාරම් මුදල් පමණක් ලබා ගනිමින් මැතිවරණය කල් දැමීම සදහා චන්දය භාවිතා කළහ.
මැතිවරණය කල් දැමීම සදහා චන්දයක් කැදවන්නට තීන්දු වන විටත් ආණ්ඩුවට අවශ්‍ය 2/3 කණ්ඩායමක් පාර්ලිමේන්තුව තුල රැදී නොසිටීම නිසා සවස 06-30 ට පැවැත්වීමට තිබු චන්දය රාත්‍රී 08-30 දක්වා කල් දැමීමට කථානායක වරයා කටයුතු කලේ පාර්ලිමේන්තුවේ සියලු අණ පනත් සහමුලින්ම උල්ලංගනය කරමිනි.
මැතිවරණය කල් දැමීම සදහා පක්ෂව මුදල් ලබා ගත් මන්ත්‍රී වරුන් චන්දය භාවිතා කරමින් චන්ද 153 ක් ලබා දුන්හ.පනතට විපක්ෂව චන්දය ලබා දුන් ඒකාබද්ධ විපක්ෂය වහා මැතිවරණය පවත්වා ජනතාවගේ පරමාධිපත්‍ය බලය ආරක්ෂා කර ගැනීම සදහා සටන් කළහ.එහෙත් එම උත්සාහය සාර්ථක නොවුයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු පක්ෂ මුදලට විකිණී චන්දය භාවිතා කළ නිසාය.යම් හෙයකින් තවත් චන්ද 04 ක් විපක්ෂව ලැබුවේ නම් පළාත් සභා මැතිවරණය පැවතීමට ආණ්ඩුවට සිදු වන අතර ජනතාවගේ චන්ද අයිතියද ආරක්ෂා වීමට ඉඩ තිබුණි..
Wednesday, September 20, 2017
අපේ රටේ චමිත් පළිහපිටිය ඇමරිකාවෙදි රුපියල් මිලියන 91,000 හොයපු හැටි මෙන්න
අග්‍රගණ්‍ය ශ්‍රී ලාංකීය ව්‍යවසායකයෙකු වන චමිත් පලිහපිටිය මහතා සිය නවතම සමාගම වන Social Capital Hedosophia Holdings Corp හි මූලික කොටස් නිකුතුව සිදුකලා. ඒ ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් කොටස් වෙළඳපොලේදී.
කුඩා පරිමාණ තාක්ෂණ සමාගම්වලට අවශ්‍ය ප්‍රාග්ධනය සැපයීම සඳහා ක්‍රියාත්මක වන මෙම සමාඟම ඇමරිකානු ඩොලර් මිලියන 600ක් සිය මූලික කොටස් නිකුතුවෙන් උපයා ගනු ලැබුවා. එය දළ වශයෙන් රුපියල් මිලියන 91,750ක පමණ විශාල මුදලක්.
තවමත් නිසි ලෙස ක්‍රියාත්මක නොවන ළඳරු සමාගමක් මෙවන් විශාල මහජන ආකර්ශණයක් සහ විශ්වාසයක් දිනා ගැනීමට හේතුව එහි මූලිකයා චමිත් පලිහපිටිය වීමයි. ඔහු ඇමරිකාවේ තාක්ෂණ ක්ෂේත්‍රයේ සිටින”වොරන් බෆට්” ලෙසටයි බොහෝ දෙනෙකු හදුන්වන්නේ.
තවමත් තරුණ වියේ පසුවන චමිත් අනිවාර්‍යයෙන්ම කෙදිනක හෝ ලොව අංක එකේ ධනවතා වන බවටද එක්සත් ජනපද ආර්ථික කටයුතු පිළිබඳ මාධ්‍ය කිහිපයක්ම අවස්ථා කිහිපයකදී ප්‍රකාශ කර ඇත
කුඩා පරිමාණ තාක්ෂණ සමාගම්වලට අවශ්‍ය ප්‍රාග්ධනය සැපයීම සඳහා ක්‍රියාත්මක වන මෙම සමාඟම ඇමරිකානු ඩොලර් මිලියන 600ක් සිය මූලික කොටස් නිකුතුවෙන් උපයා ගනු ලැබුවා. එය දළ වශයෙන් රුපියල් මිලියන 91,750ක පමණ විශාල මුදලක්.
තවමත් නිසි ලෙස ක්‍රියාත්මක නොවන ළඳරු සමාගමක් මෙවන් විශාල මහජන ආකර්ශණයක් සහ විශ්වාසයක් දිනා ගැනීමට හේතුව එහි මූලිකයා චමිත් පලිහපිටිය වීමයි. ඔහු ඇමරිකාවේ තාක්ෂණ ක්ෂේත්‍රයේ සිටින”වොරන් බෆට්” ලෙසටයි බොහෝ දෙනෙකු හදුන්වන්නේ.
තවමත් තරුණ වියේ පසුවන චමිත් අනිවාර්‍යයෙන්ම කෙදිනක හෝ ලොව අංක එකේ ධනවතා වන බවටද එක්සත් ජනපද ආර්ථික කටයුතු පිළිබඳ මාධ්‍ය කිහිපයක්ම අවස්ථා කිහිපයකදී ප්‍රකාශ කර ඇත
Tuesday, September 19, 2017
මේ ආණ්ඩුව පෙරළනවාමයි’ ..සම්මුති ආණ්ඩුවේ දූෂණ හෙළිකරමින් ‘අරුන්දික’ පාර්ලිමේන්තුවේදී කල විශේෂ ප‍්‍රකාශය මෙන්න(VIDEO)
මේ ආණ්ඩුව පෙරළනවාමයි’ ..සම්මුති ආණ්ඩුවේ දූෂණ හෙළිකරමින් ‘අරුන්දික’ පාර්ලිමේන්තුවේදී කල විශේෂ ප‍්‍රකාශය මෙන්න(VIDEO)
පසුගියදා ඇමති ධූරයෙන් ඉවත් කළ හිටපු අමාත්‍ය අරුන්දක ප‍්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී විශේෂ ප‍්‍රකාශයක් සිදු කරමින් අද ඒකාබද්ධ විපක්ෂයේ අසුන් ගත්තා
එහිදී මන්ත‍්‍රිවරයා කළ විශේෂ ප‍්‍රකාශය මෙන්න..
Monday, September 18, 2017
හිටපු ක‍්‍රිකට් තරුවක් ඒකාබද්ධයෙන් ජන්ද සටනට
එළඹෙන පළාත් සභා ජන්දයේදී සබරගමුව පළාත් සභාවට කෑගල්ල දිස්ත්‍රික්කයෙන් තරඟ වදීමට ප්‍රකට චරිත ඉදිරිපත්වන බවත් ඒ සම්බන්ධ මූලික වටයේ සාකච්ජා සාර්ථකව අවසන්වී ඇති බවද අප වෙත ඉතා විශ්වාසවන්ත ආරංචි මාර්ග මගින් දැනගන්නට ලැබී ඇත.
ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණ යටතේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් හිටපු ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩක තරංග පරණවිතාන මහතා කෑගල්ල දිස්ත්‍රික්කයට තරඟ වැදීමට නියමිත බවත් ඊට අදාල සාකච්ජා, ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබලයන් සමග පවත්වා ඇති අතර මේ වනවිට ඊට දෙපාර්ශවයේ එකඟතාවය පලවී ඇති බවද සඳහන් වේ.
මේ වනවිට පළාත් සභා රැසකටම ප්‍රවීන චරිත රැසක් ඉදිරිපත්වන බවට ආරංචි ලැබෙමින් පවතින අතර සබරගමු පළාත් සභා මැතිවරණය ඉහත තත්වය හමුවේ උනුසුම්වනු ඇති බවද එම දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන්කර සිටියි.
තණකොළ කැපුවේ ඇයි කියලා ඇහැව්වාම තණකොළ මැෂිමට වැරදි තලේ දාලා කියනවා” – මාලිංග
බත්තරමුල්ල ‘වෝටර්ස් එජ්’ හිදී පසුගිය සිකුරාදා පැවැති ක්‍රිකට් වැඩමුළුවකට එක්වෙමින් මාලිංග පවසා සිටියේ ඉන්දිය කණ්ඩායමට එරෙහිව පැවැති තරගාවලිය සඳහා තණතීරු සකස් කිරීමේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ අපේක්‍ෂාවන්ට පටහැණි ලෙසින් තණතීරු සකස් කර ඇති බවයි.
ශ්‍රී ලංකා ක්රිකට් ක්‍රීඩාවේ කඩාවැටීම නවත්වා ක්‍රිකට් ක්‍රීඩාව නව මාවතකට යොමු කිරීමේ අටියෙන් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා විසින් පත්කරන ලද කමිටුවක් විසින් මෙම වැඩුළුව සංවිධානය කරන තිබුණු අතර එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම දැනට මුහුණ දී සිටින අභාග්‍යසම්පන්න තත්ත්වයත් ඊට හේතුවූ කාරණාත් සම්බන්ධයෙන් ලසිත් මාලිංග විසින් දිගින් දිගටම කරුණු දක්වා සිටියේ මේ අයුරිනි.
“අපි තණකොළ තියෙන තණතීරුවක් ඉල්ලුවාම ඒගොල්ලන් තණකොළ කපලා තට්යක් වගේ තණතීරුවක් දෙනවා….තණකොළ කැපුවේ ඇයි කියලා ඇහැව්වාම තණකොළ මැෂිමට වැරදි තලේ දාලා කියනවා”
“මේක සිද්ධ වුණේ එක පාරක් නෙමේ දෙපාරක්, මම මේ ගැන බලධාරීන්ට කිව්වත් කිසිම දෙයක් වුණේ නෑ. මම කියන්නේ නෑ අපි මැච් පැරදුනේ ඒක හින්දයි කියලා. ඒත් මේ විදිහට අපට අවශ්‍ය දේ වෙන්නේ නැති වුණාම ක්‍රීඩකයන්ගේ ආත්ම විශ්වාසය බිඳ වැටෙනවා”
අපට පුහුණුකරුවන් මහ ගොඩක් ඉන්නවා. ඒත් අහන්න තියෙන්නේ ඒ අය නිසි සුදසුකම් තියෙන පුහුණුකරුවන්ද කියලයි. තරුණ ක්‍රීඩකයන් ප්‍රවීණත්වය දක්වා ගෙන යන්නට ඔවුන්ට තියෙන සුදසුකම් මොනවාද කියලයි”
“උදාහරණයකට කියනවා නම් කිසියම් ක්‍රීඩකයකුගේ අසාර්ථක සමයකදී පුහුණුකරුවාට තියෙන්න ඕනේ එයාට උදව් කරන්න හැකියාවක්. ඔහුගේ මානසිකත්වය වර්ධනය කරලා නැවතත් දස්කම් අතරට ගේන්න පුහුණුකරුවාට හැකියාවක් තියෙන්න ඕනේ”….
“අපි අපේ ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය බාරදීලා ඉන්නේ හරිහමන් පළමු පෙළ තරග අත්දැකීම්වත් නැති කෙනෙකුටයි”
“අපි ඒ වගේ තනතුරක් වෙනුවෙන් තෝරා ගන්න ඕනේ හරි හමන් සුදසුකම් තියෙන කෙනෙක්. ඒත් අපි ඒ වගකීම දීලා තියෙන්නේ පළමු පෙළ තරග 16 ක් ක්‍රීඩ කරපු, තරග දිවිය පුරාම ලකුණු 100 ක් වත් ගහපු නැති කෙනෙකුට. මේක බරපතළ වැරැද්දක්”
“ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයෙක් ජාතික කණ්ඩායමෙන් ඉවතට ගියාම එයාට කණ්ඩායමේ පුහුණු පහසුකම් භාවිතා කරන්න බෑ. අපි මේගැන කතා කළත් කිසිම විසඳුමක් නෑ. ඒ නිසා අපට පුහුණුවීම් සඳහා අපේ ක්‍රීඩා සමාජ වෙත යන්න වෙනවා”
“කාලයකට ඉස්සරවෙලා සමහර අයගේ මතයක් තිබුණා පාසල් පිටියේ ඉඳලා කෙළින්ම ජාතික කණ්ඩායමට ක්‍රීඩකයන් ගන්න පුළුවන් කියලා. ඒත් එහෙම කළොත් පළමු පෙළ අත්දැකීම් තියෙන අයට අසාධාරණයක් වෙනවා”
තිළිණ කණ්ඩම්බි, චාමර කපුගෙර, මලින්ද වර්ණපුර, ජෙහාන් මුබාරක්, කෞෂාල් ලොකුආරච්චි, කෞෂාල් වීරරත්න වගේ ක්‍රීඩකයන්ව හරියට නඩත්තු කළානම් අද අපට මේ වගේ දෙයක් වෙන්නේ නෑ. ඒ සේරමලාට හොඳ පළමු පෙළ අත්දැකීම් තිබුණා. ඒත් දැන් ඒ සේරමලා අපට අහිමි වෙලා”
“මම නැවතත් කියන්නේ ඒ වගේ වැරදි නැවත වෙන්න දෙන්න එපා කියලයි. එහෙම වුණොත් තවත් අවුරුදු කීපයකට පස්සෙත් අපේ ඉරණම මේ වගේම තමයි”
‘වෝටර්ස් එජ්’ හිදී මෙම වැඩමුළුව සඳහා ශ්‍රී ලංකා ක්රිකට් කණ්ඩායමේ සාමාජිකයෝ, හිටපු ක්‍රීඩකයෝ, තේරීම් කමිටුවේ හිටපු නිලධාරීහු, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීහු මෙන්ම ආරාධිතයෝ කිහිප දෙනෙක්ද පැමිණ සිටියහ. දශක හතරකට වැඩි කලක් තිස්සේ ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම ක්‍රිකට් දිරිගන්වන්නා වන පර්සි අබේසේකර මහතාද ඒ අතර විය.
Tuesday, September 12, 2017
වැටුණු ක‍්‍රිකට් ගොඩගන්න මහේල , සිදත් ඇතුලු ප‍්‍රවීණයෝ එක්වෙති
කිසිදු පාර්ශවයකට පක්ෂග්‍රාහී නොවී ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ඉහළ නැංවීම සඳහා පාසල් මට්ටමින් ගත හැකි සියලු තීන්දු තීරණ ගැනීමටත් ඒවා ක්‍රියාත්මක කිරීමටත් අවශ්‍ය කටයුතු සිදු කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා.
ශ්‍රි ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව මුහුණ දී ඇති අභාග්‍ය සම්පන්න තත්ත්වයෙන් මිදීම සඳහා පාසල් මට්ටමෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව කරුණු සාකච්ඡා කිරීම සඳහාත්, ඒ සඳහා නිසි වැඩපිළිවෙළක් සකස් කිරීම සඳහාත් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩකයින් සහ පාසල් ක්‍රිකට් සංගමයේ නිලධාරීන් සමග අද (12) අධ්‍යාපන අමාත්‍යාංශයේ සාකච්ඡාවක් පවත්වනු ලැබුවා.
මහේල ජයවර්ධන සහ සිදත් වෙත්තමුණි ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.
මෙම සාකච්ඡාවේ දී 19 න් පහළ ජාතික කණ්ඩායමට ක්‍රීඩකයින් තෝරාගැනීමේ කමිටුවට පාසල් ක්‍රිකට් සංගමය නියෝජනය කරමින් නියෝජිතයින් දෙදෙනකුට සහභාගි වීමට පෙර තිබූ අවස්ථාව යළි ලබාගැනීමටත්, සියලුම පළාත් නියෝජනය වන පරිදි සියලුම පහසුකම් සහිතව උසස් තාක්ෂණික ක්‍රීඩා පුහුණු මධ්‍යස්ථාන ඇති කිරීම, ක්‍රිකට් සංචිතයට ඇතුළත්වන සිසුන් සඳහා මසකට රුපියල් 2,500 ක දීමනාවක් ලබා දීම, පළමු ශ්‍රේණියේ ක්‍රිකට් පුහුණුකරුවන්ගේ සුදුසුකම් සහ ප්‍රමිතිය සාධනීය මට්ටමකට ගෙන ඒමට පියවර ගැනීම සහ පාසල් ක්‍රිකට් පුහුණුකරුවන්ගේ සහ ක්‍රීඩකයින්ගේ විනය සහ සදාචාරාත්මක ප්‍රතිපත්තීන් ඉහළ තලයකට ගෙන ඒමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම යන කරුණු සම්බන්ධව මෙහිදී සාකච්ඡා කරනු ලැබුවා.
ප්‍රවීන ක්‍රීඩකයින්ගේ අදහස් හා යෝජනා ඇතුළත් කරගනිමින් පාසල් ක්‍රිකට් ක්‍රීඩාව නංවාලීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග සහ යෝජනා ඇතුළත් වාර්තාවක් සකස් කිරීම සඳහා උපදේශක කමිටුවක් පත් කළ අතර සිදත් වෙත්තමුනි, රොජර් විජේසූරිය,මහේල ජයවර්ධන, ජයන්ත සෙනෙවිරත්න, කාල්ටන් බර්නාඩ් යන පිරිස සහ පාසල් ක්‍රිකට් සංගමයේ සාමාජිකයින් පුහුණුකරුවන් ඇතුළු පිරිසකගෙන් මෙම කමිටුව සමන්විතයි.
මෙම උපදේශක කමිටුව විසින් ඉදිරිපත් කරන වාර්තාව අනුව අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පැවසුවා.
Saturday, September 9, 2017
ක්‍රිකට් සභාපති පදවියෙන් තිලංගට යන්න වෙයිද
\
අධිකරණයෙන් පසුගියදා ලැබුණු නඩු තීන්දුවක් සමඟ ශ්‍රී ලංකා ක‍්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා ක‍්‍රීඩා පනතට අනුව එම ධූරයට සුදුසු ද යන ගැටලුව නැවතත් මතුවී තිබේ. සුමතිපාල මහතා ඔට්ටු ඇල්ලීමේ ව්‍යාපාරයට සම්බන්ධ පවුලක සාමාජිකයකු යැයි එම නඩුවේදී ප‍්‍රකාශ වී තිබූ බව ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණි.
අධිකරණයෙන් පසුගියදා ලැබුණු නඩු තීන්දුවක් සමඟ ශ්‍රී ලංකා ක‍්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා ක‍්‍රීඩා පනතට අනුව එම ධූරයට සුදුසු ද යන ගැටලුව නැවතත් මතුවී තිබේ. සුමතිපාල මහතා ඔට්ටු ඇල්ලීමේ ව්‍යාපාරයට සම්බන්ධ පවුලක සාමාජිකයකු යැයි එම නඩුවේදී ප‍්‍රකාශ වී තිබූ බව ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණි.
අර්ජුන රණතුංග මහතා මාධ්‍ය හමුවකදී කළේ යැයි කියන ප‍්‍රකාශයකට එරෙහිව සුමතිපාල මහතා පවරා තිබූ එම නඩුව ඔට්ටු ඇල්ලීමේ ව්‍යාපාරයට සම්බන්ධ පවුලක සාමාජිකයකු යැයි කියන හේතුව නිසාම තව දුරටත් පවත්වාගෙන නොයෑමට අධිකරණ තීරණය කර තිබුණි.
සුමතිපාල මහතා 2016 වසරේ ක‍්‍රිකට් නිලවරණයට ඉදිරිපත්වූ අවස්ථාවේදී මේ සම්බන්ධයෙන් එල්ල වූ විරෝධතා ක‍්‍රීඩා අමාත්‍යංශය නොසළකා හැරීම මෙම අධිකරණ තීන්දුවත් සමඟ අභියෝගයට ලක්ව තිබේ. නිලවරණයේ නාමයෝජනා සම්බන්ධයෙන් එළඹි සියලු තීරණ සම්බන්ධයෙන් තමන් වගකීම ගන්නා බව ක‍්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කර තිබිණි.
ශ්‍රී ලංකා ක්රිකට් කණ්ඩායමේ කඩා වැටීමට තිලංග සුමතිපාල මහතා ප‍්‍රමුඛ වර්තමාන ක‍්‍රිකට් පරිපාලනය වගකිවයුතු බවට විවිධ අංශවලින් දිගින් දිගටම චෝදනා එල්ල වෙමින් තිබේ. එහිදී ඇතැම්හු ශ්‍රී ලංකා ක‍්‍රිකට් පරිපාලනය විසුරැවා හැර අතුරු කමිටුවක් පත්කළ යුතු බව ප‍්‍රසිද්ධියේ පවසති.
එම චෝදනා ඉවසාගත නොහැකි සනත් ජයසූරියගේ සභාපතිත්වයෙන් යුත් තේරීම් කමිටුව ඉල්ලා අස්වූ බව නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබුණි. ශ්‍රී ලංකා ක්රිකට් ක‍්‍රීඩාවේ සහ ක‍්‍රිකට් පරිපාලනයේ තත්ත්වය බින්දුවට වැටී තිබියදී ක‍්‍රීඩා අමාත්‍යංශය ‘අතීසාරයට අමුඩ ගැසීමේ’ සමුළුවක් ලබන 15 වැනිදා බත්තරමුල්ලේදී පැවැත්වීමට සූදානමින් සිටී.
මෙම සමුළුවේදී ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම වැටී ඇති අගාධයෙන් ගොඩ ගැනීමට හිටපු ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ගෙන්, හිටපු ක‍්‍රිකට් පරිපාලකයන්ගෙන්, මාධ්‍යවේදීන්ගේ ඇතුළු බොහෝ පිරිසකගෙන් අදහස් ලබා ගන්නා බව ක‍්‍රීඩා අමාත්‍යංශය පවසයි. මෙම සමුළුව සම්බන්ධයෙන් හිටපු සුපිරි ක‍්‍රීඩක මුත්තයියා මුරලිදරන් මාධ්‍ය වෙත ප‍්‍රකාශයක් කරමින් පවසා තිබුණේ මෙවැනි දේවල් බොරුවැඩ බවයි.
මොකටද අපේ අදහස් ගන්නේ. අපේ අදහස් අරගෙන ක‍්‍රියාත්මක කරනවද? ඒකටනේ ඔය කට්ටියක් පත්කරලා තියෙන්නේ. එයාලට බැරි නම් වෙන කාට හරි දෙන්න ඕනේ යැයි එහිදී මුරලිදරන් වැඩි දුරටත් පවසා තිබුණි.
මෙම සමුළුව ද වෙනත් සමුළු සේම වාර්තාවකට සීමා වනවාට නම් සැක නැත. කරන්න වැඩක් නැත්තේ නම් මෙයට සහභාගි වූවාට කම් නැතැයි ක්‍රිකට් ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ කියති. සමහරුන්ගේ මතය දේශපාලනය මුළුමනින්ම ඉවත් කරන තුරු මේ කඩා වැටීමෙන් ගොඩ ඒම අසීරු වන බවයි. හිටපු ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සහාය ලබාගෙන කණ්ඩායමට යළි ජීවය කැවීමටත් හොඳ ජාත්‍යන්තර මට්ටමේ පුහුණුකරුවකුගේ සේවය ලබාගැනීමටත් එය අවශ්‍යම සාධකයක් බව ඔවුහු පෙන්වා දෙති. දැන් සිදුවන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ කඩා වැටීම් පිළිබඳව කතා නොකර විවිධ නිවේදන නිකුත් කිරීම සහ සැලසුම් සකස් කිරීම බවත් පවතින තත්ත්වය යටතේ ඒ සියල්ල ගඟට කැපූ ඉනි වනු ඇති බවත් ඔවුහු කියති. ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයාගේ අත්තනෝමතික ක්‍රියා කලාපය හේතුවෙන් ක්‍රිකට් ක්ෂේත්‍රයට සම්බන්ධ වගකිව යුතු දක්ෂයන් විශාල පිරිසක් ඈත්ව සිටින බවත් ජයසූරියලාගේ අරවින්දලාගේ ඈත්වීම ඊට ආසන්නම සිදුවීම බවත් ඔවුහු පෙන්වා දෙති.
මේ අතර හදිසි නිලවරණයක් කැඳවා වගකීම් කරට ගතහැකි නායකයෙකුට ක්‍රිකට් සභාපති පදවිය භාරදීමට තිලංග සුමතිපාල මහතාගේ සූදානමක් ඇති බවත් පැවැසෙයි. නමුත් තමත් පිරිසක් කියන්නේ තිලංග දැනටද සභාපති පදවිය දැරීම නිත්‍යානුකූල නොවන බවයි.
දේශය.
Friday, September 8, 2017
තිස් වසරක යුද්ධයෙන් වත් බෙදුම්වාදීන්ට දිනාගන්න බැරිවූ දේ නව ව්‍යවස්ථාවෙන් දෙන්න යනවා
තිස් වසරක යුද්ධයෙන් බෙදුම්වාදීන්ට දිනාගන්න බැරි වුණ දේ නව ව්‍යවස්ථාව මගින් ලබාදෙන්න දරන උත්සාහය පරාජය කළ යුතුයි. අපි එළිය සංවිධානය පිහිටෙව්වේ ඒ වෙනුවෙන්” යැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පෙරේදා (6) බොරලැස්ගමුවේදී පැවසීය.
ගෝඨාභය මහතා මේ අදහස් දැක්වූයේ බොරලැස්ගමුව ගෝල්ඩන් රෝස් උත්සව ශාලාවේදී පැවති උත්සවයකදීය.
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පිහිටවූ එළිය සංවිධානය එළිදැක්වීම වෙනුවෙන් මෙම උත්සවය සංවිධානය කර තිබිණ.
එහිදී තවදුරටත් අදහස් දැක්වු ගෝඨාභය මහතා මෙසේද පැවසීය.
අවුරුදු තිහක් පැවති යුද්ධය අවසන් කරලා අපි එක්සේසත් කළ රට ව්‍යවස්ථාවක් මගින් හෝ පාවා දෙන්නට පුලූවන්කමක් නැහැ. අද නව ව්‍යවස්ථාවක් හරහා මේ අප ලැබූ ජයග‍්‍රහණය පාවාදෙනු ඇතැයි සැකයක් සමාජය තුළ පවතිනවා. ඒ නිසා අපි කල්පනා කළා මෙවැනි නව ව්‍යවස්ථාවක් රටට අවශ්‍ය නැහැ, එවැන්නක් ගෙන එන්න එපා කියලා ආණ්ඩුවට බලකිරීම හා ඒ පිළිබඳව ජනතාව දැනුවත් කිරීම අද එළිදකින එළිය සංවිධානයේ අරමුණයි.
දැනට පවතින ව්‍යවස්ථාවේ අඩුලූහුඬුකම් නැතුවා නොවේ. නමුත් අලූත් ව්‍යවස්ථාවක් ගෙන එනවාට අපි විරුද්ධ වන්නේ එය ගෙන එනු ලබන්නේ කා වෙනුවෙන්ද? එය කෙටුම්පත් කරන්නේ කවුරුන්ද යන කාරණා මතයි. ඒ කාරණා සලකා බැලූවාම අපිට විශාල බියක් ඇති වෙනවා. මේ ගමන් කරන්නේ කොහාටද කියලා අපිට පේනවා.
එදා එල්ටීටීඊයට මුදල් එකතු කරපු, අවි ආයුධ ලබාදුන්නු කණ්ඩායම තමයි එදා ත‍්‍රස්තවාදය මගින් දිනාගන්න බැරිවුණ දේ අද වෙනත් මාර්ගයකින් ලබාදෙන්න මැදිහත් වන්නේ. එදා ගෙන ගිය ත‍්‍රස්තවාදයට එරෙහි යුධ ක‍්‍රියාමාර්ග නැවැත්වීමට බලපෑම් කළ විවිධ ජාත්‍යන්තර සංවිධානවල හා රටවල අවශ්‍යතාව මත තමයි මේ නව ව්‍යවස්ථාව ගෙන එන්නේ. ඒ වගේම මේ රට තුළ සිටින දෙමළ බෙදුම්වාදී දේශපාලන කණ්ඩායම්වල අවශ්‍යතාවට තමයි මේ ව්‍යවස්ථාව ගෙන එන්නේ.
අවුරුදු ගණනාවක් තිස්සේ සිවිල් වැසියන් ඝාතනය කරලා ම්ලේච්ඡු මිනීමරු සංවිධානය සියලූ ජන ජීවිත විනාශ කළා වගේම මුුලූ රටම විනාශ කළා. අද ඒ අය ජාත්‍යන්තරයේ මානව හිමිකම් ශූරයන් ලෙස පෙනී සිටිමින් මේ රටට සාමය උදාකරන්න රට එක්සේසත් කරන්න කටයුතු කළ රණවිරුවන් ඇතුළු නායකයින් යුද්ධාධිකරණයට ගෙන යන්න උත්සාහ කරන අය තමයි මේ නව ව්‍යවස්ථාව සකස් කරන්න මුල්වෙලා තිබෙන්නේ. ඒ නිසා තමයි අපි එයට විරුද්ධ වන්නේ. ඒ නිසා තමයි අපි මෙයට එරෙහිව ජනතාව පෙළ ගස්වන්න සූදානම් වන්නේ.
අපි දන්නවා අවුරුදු එකහමාරක කාලයක සිටම මේ කාර්යයට ඇප කැප වුණ ජාතික සංවිධාන ගණනාවක් තිබෙනවා. ඒ අයත් එකතු කරගෙන නායකත්වය දීලා වඩාත් පුළුල් සංවිධානයක් ලෙස ජනතාව අතරට ගෙන යන්න අපි සූදානම්. ඒ වගේම මේ ව්‍යවස්ථාව ගෙන එන ආණ්ඩුව ගැනත් අපිට කිසිම විශ්වාසයක් නැහැ.
අතුරුදන් වූවන්ගේ කාර්යාලය පිහිටුවීම ගැන ඇතිවූ සාකච්ඡුාවේදී මේ ආණ්ඩුවේ නායකයින් කිව්වා කවදාවත් එහෙම දෙයක් පිිහිටුවන්නේ නැහැ කියලා. හමුදා නායකයින්ට හා ජනතාවට කිව්වේ ඒක කෙරෙන්නේ නැහැ කියලයි. නමුත් අවසානයේදී එය සිදුවුණා. පළාත් පාලන මැතිවරණ සංශෝධන පනත සිදුකළේ කොහොමද කියලා අපි දැක්කා. රණවිරුවන්ට කිසිම පීඩාවක් ඇතිකරන්නේ නැහැ කිව්වා. නමුත් මේ වන විට හමුදා බුද්ධි අංශ නිලධාරීන් ඇතුළු රණවිරුවන් විශාල පිරිසක් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කරලා තිබෙනවා.
එවැනි ආණ්ඩුවක් ගෙන එන ව්‍යවස්ථාවක් ගැන අපිට කිසිම විශ්වාසයක් නැහැ. ඒක රටට භයානක ප‍්‍රතිඵල ගෙන එනු ඇති බව අපේ විශ්වාසයයි. ඒ නිසා මේ ව්‍යවස්ථාවෙන් ඇති විය හැකි හානිය ගැන ජනතාව දැනුවත් කිරීමට අප ගන්නා උත්සාහයට සහයෝගය දක්වන ලෙස ඔබ සියලූ දෙනාගෙන් ඉල්ලා සිටිනවා.
හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා අදහස් දක්වමින් මෙසේ පැවසීය.
ඕනෑම රටක ව්‍යවස්ථාවක් සකස් කිරීමේදී ඒ රටේ ආර්ථික සංවර්ධනය හා සෞභාග්‍යය පිළිබඳව සැලකිලිමත් විය යුතුයි. ඒකීය රටක් ලෙස පවතිනවාට වඩා බලය විමධ්‍යගත කිරීමේදී ඇති විය හැකි ආර්ථික ප‍්‍රතිවිපාක ගැන සැලකිලිමත් විය යුතුයි.
රටක ආර්ථිකය සාර්ථක වන්නේ ඒ රටේ මූලික ආර්ථික ක්ෂේත‍්‍රවල අන්තර් සම්බන්ධීකරණය හා ඒවායේ යහපත් ගමන ඔස්සේය. සාමාන්‍ය ජන ජීවිතයේ සාර්ථකත්වය සඳහා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපෘති ඉතා වැදගත් වෙනවා. එසේම රටක ආර්ථිකයට ගැම්මක් ඇති කරන්න හැකි වන්නේ මහා පරිමාණ ව්‍යාපෘති හා ව්‍යාපාර මගිනුයි. ඒවා සාර්ථකව ඉදිරියට ගියොත් තමයි කුඩා පරිමාණ කර්මාන්තවලටත් ශක්තියක් ලැබෙන්නේ.
මෙවන් මහා පරිමාණ ව්‍යාපෘති හා ව්‍යාපාර සඳහා අවශ්‍ය විදේශීය ආයෝජන රටට ගලා එන්නේ රටේ පාලන ව්‍යුහය වැඩි විමධ්‍යගතවීමක් නොමැති විටය. බලය විමධ්‍යගත වන විට ඔවුන්ට තමන්ගේ ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කරන්නට විවිධ ආයතන රැුසක් කරා ගමන් කරන්නට සිදුවේ. ආයෝජකයෙක් තමන්ගේ ආයෝජනය සිදුකරන්නට යම් රටක් තෝරා ගැනීමේදී අනෙක් රටවල පවතින පහසුකම් සමග සසඳා බලනවා. ඒ රට ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් අනුව පවතින ස්ථානය සලකා බලනවා. විශේෂයෙන්ම ආර්ථික නිදහස, නීතියේ ආධිපත්‍යය, සමාගම් කරගෙන යාමේ පහසුකම, මිනිස් සංවර්ධනය සහ ¥ෂණය පිළිබඳව සලකා බලනවා.
මේ ශ්‍රේණිගත කිරීම අනුව අන්ත ¥ෂිතයි පැවසූ 2006 -2014 රජයේ පාලන සමයේදී අපේ රට සැලකිය යුතු ප‍්‍රගතියක් අත්පත් කරගෙන තිබුණද පසුගිය වසර දෙකක කාලය තුළ දැවැන්ත කඩාවැටීමක් සිදුවී ඇති බව පේනවා. ඒ නිසා ආයෝජනයන්ද දැවැන්ත ලෙස කඩා වැටුණා. ඒ නිසා දැනට පවතිනවාට වඩා තවත් බලය විමධ්‍යගත කළ පාලන ව්‍යුහයක් ඇති කළහොත් මේ දුර්වලතාවයන් තවත් උග‍්‍ර වෙනවා. එළිය සංවිධානය පිහිටුවමින් මේ නව ව්‍යවස්ථාවෙන් සිදුවන හානිය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට යොමුවීම ඉතාමත් යහපත්.
මෙහිදී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කතිකාචාර්ය ආචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ අදහස් දක්වමින් මෙසේ පැවැසූහ.
අපි මේ නව ව්‍යවස්ථාව ගැන කතා කරද්දී සමහරු අපිට චෝදනා කරනවා තවමත් ඉපදිලා නැති දරුවෙක්ගේ හැඩරුව ගැන කතා කරනවා, ඒ අයට උප්පැන්න හදනවා කියලා. සමාන්‍ය කෙනෙකුට වගේ නෙවෙයි දක්ෂ වෛද්‍යවරයෙකුට දරුවෙක් ඉපදෙන්නම ඕන නැහැ ඒ දරුවාගේ තත්ත්වය ගැන කියන්න. මේ ව්‍යවස්ථාව ගැනත් ඒ වගේ තමයි.
ජාතිය, ආගම, පාට පදනම් කරගෙන මිනිසුන් බෙදා වෙන් නොකළ යුතු බවයි අපේ අදහස. එවැනි උවමනාවක් මේ රටට නැහැ. දෙමළ ජනතාවගේ අවශ්‍යතාවන් සැපිරීම අපේ යුතුකමක්, වගකීමක්. ඒ අයට උවමනා මොනවාද? ඔවුන් වෙනම රටක් ඉල්ලන්නේ නැහැ. ඒ අයට අවශ්‍ය කරන්නේ හිසට සෙවණක්, ජීවත් වෙන්න මාර්ගයක්, දරුවන්ට උගන්වන්න පාසලක්. ඒ අය තමන්ගේ අවශ්‍යතාවන් ජාතිවාදී සංවිධානවලට භාරදීමෙන් ප‍්‍රශ්නය විසඳෙන්නේ නැහැ.
කලක් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවකු ලෙස කටයුතු කළ අයෙක් තමයි අද උතුරේ මහඇමති වෙලා මේ රටේ බලය බෙදන්න කතා කරන්නේ. අපි කල්පනා කරන්න ඕන බලය බෙදපු රටවල මොකද වෙලා තියෙන්නේ කියලා. ඒ රටවල අභාවාචක අත්දැකීම් ගැන අධ්‍යයනය කළ යුතුයි. අපේ නව ව්‍යවස්ථාව හරහා කරන්න හදන්නේ මේ රට බෙදීමයි.
සමහරු කියනවා දහතුනෙන් එහාට අඟලක්වත් යන්න දෙන්නේ නැහැ කියලා. දහතුන කියන්නේ රට බෙදීමකට ගිය ව්‍යවස්ථාවක් තමයි. නමුත් ජේ.ආර්. ජයවර්ධන මහතා එහි ඇතැම් වගන්ති බලරහිත කරලා රට බෙදීයාම වැළැක්වූවා. දැන් උත්සාහ කරන්නේ දහතුනේ ඒ බල රහිත කළ වගන්ති ක‍්‍රියාවට නගන්නයි. වෙනම රටක් ඉල්ලා බැරි වුණාම, වෙනම පළාතක්, වෙනම ගමක් බැරි නම් වෙනම කුඹුරක්වත් දෙන්න කියලා ඉල්ලනවා. කුඹුර දෙනවා කියන්නේ රට ලබාගන්න දෙන උත්තේජනයක්. ඒ නිසා කුඹුරවත් නොදිය යුතු බවයි අපි කියන්නේ.
ආචාර්ය දයාන් ජයතිලක මහතා අදහස් දක්වමින් මෙසේ පැවසීය.
මනුස්සයින්ගේ සෑම පරිවර්තනයක්ම ඔවුන්ගේ ඉදිරි ගමන සඳහා ඉවහල් විය යුතුයි. එසේ නොමැතිව ඒ ගමන ආපස්සට හරවන පරිවර්තනයක් නම් එය වැළැක්විය යුතුයි. නව ව්‍යවස්ථාවත් අපේ රට ආපස්සට ගෙන යන පරිවර්තනයක්. ඒ නිසයි අපි එයට විරුද්ධ වන්නේ.
ව්‍යවස්ථාවක් කියන්නේ රටක බලව්‍යුහයයි. එය රාජ්‍යයේ සාර්ථක, අසාර්ථක බවට බලපානවා. ඒ වගේම ව්‍යවස්ථාවක් සකස් කිරීමේදී හරි හෝ වැරදි වුණත් ඒ සඳහා සංකල්පයක් තිබිය යුතුයි මේක කරන්නේ මේ සඳහායි කියලා. නමුත් මේ නව ව්‍යවස්ථාවට එවැනි සංකල්පයක් ඉදිරිපත් කරන්නේ නැහැ.
බලය බෙදීමෙන් ජාතීන් එකතු කළ රටවල් තිබෙනවා. නමුත් එකම ශල්‍යකර්මය හැම රෝගියාටම හරියන්නේ නැහැ. එසේ කරන්න යාමෙන් රෝගියා මිය යන්නත් පුලූවන්. බොහෝ රටවල් ෆෙඩරල් භාවිතා කළේ වෙන්වුණ ජාතීන් එකතු කිරීමටයි. නමුත් අපේ වගේ ඒකීය රටක එකට ඉන්න ජාතීන් අතරට ෆෙඩරල් ගෙන ඒමෙන් සිදුවන්නේ ඔවුන් බෙදී වෙන්වීමයි. ඒ නිසා මේක රට බෙදන ව්‍යවස්ථාවක් ලෙසයි මා දකින්නේ.
මේ ව්‍යවස්ථාව ගෙන එන්නේ මොන වගේ පාලකයින් පිරිසක්ද? පාර්ලිමේන්තුවේ පනස් දෙකක් ඉන්න විපක්ෂයට වඩා දාසය ලොකුයි කියලා හිතන ආණ්ඩුවක් ගෙන එන මූලික නීතිය මොකක්ද? රටේ සම්පත් අසල්වැසි රටවලට දීම අරමුණ කරගත්ත ඒ වෙනුවෙන් ඕනම දෙයක් කරන්න සූදානම් ආණ්ඩුවකින් කුමක්ද බලාපොරොත්තු විය හැක්කේ. මෙවැනි පාලකයින් ගෙන එන ව්‍යවස්ථාවක් පරාජය කිරීමට අපි කළ යුත්තේ කුමක්ද නොව නොකළ යුත්තේ කුමක් කියලයි සිතිය යුතු වන්නේ.
ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා
රට බෙදන ව්‍යවස්ථාව දල්වා අළු කරන්නයි අද අපි මේ එළිය දල්වන්නේ. අපේ රටේ ව්‍යවස්ථා අර්බුදයක් තිබුණේ නැහැ. දෙදාස් පහළොවෙන් පස්සේ තමයි ඒක ඇති වුණේ. අපේ ආණ්ඩුවෙන් යෝජනා සම්මතයක් ගෙනාවා ජීනීවා මානව හිමිකම් කවුන්සිලයට අපේ රටට විරුද්ධවම. ඒක ගෙනාවේ අපේ රණවිරුවන් දංගෙඩියට යවන්නයි. යුද අපරාධ චෝදනා ගෙනත් මේක කරන්න හදනවා.
ඒකීය රටක් වෙනුවෙන් පෙනී සිටින බවට දිව්රුම් දී පත්වූ මහඇමති විග්නේෂ්වරන්ලා මේ රට බෙදන්න කතා කරද්දි, දහතුනේ නොදුන් බලතල ක‍්‍රියාත්මක කරන්න කතා කරද්දී ඒ අයව පාලනය කරන්න මේ ආණ්ඩුවට බැරි වෙලා තිබෙනවා. එවැන්නක්වත් කරන්න බැරි නම් මේ රට ෆෙඩරල් කරන, උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ කරලා දෙමළ නිජබිම් සංකල්පය වෙනත් ආකාරයකින් නීතිගත කරන්න ගෙන එන ව්‍යවස්ථාව අපි දවා හලූකළ යුතුයි.
මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා අදහස් දක්වමින් මෙසේ පැවසීය.
ඈත ගම් දනව්වල සිටි අපේ දුප්පත් මව්පියන්ගේ දරුවෝ එදා හමුදාවට බැඳුණේ රුදුරු ත‍්‍රස්තවාදයෙන් මේ රට බේරා ගැනීම සඳහායි. ඒ වෙනුවෙන් ඔවුන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළා. යුද්ධය අවසන් වන විට හමුදාවේ විසිනවදාහක් මරණයට පත්ව තවත් හැටදාහක් පමණ ආබාධිතයන් වුණා. දහදාහක් පමණ පූර්ණ ආබාධිතයන් වුණා. ඒ අය මේ තරම් කැපකිරීමක් කළේ, තවමත් ඇඳන් මතට වී දුක්විඳන්නේ කුමක් වෙනුවෙන්ද?
මේ සියලූ දෙනාට තිබුණේ එකම අරමුණයි. ඒ තමන්ගේ රට ආරක්ෂා කරගැනීමයි. මේ අයට කෘතෝපකාරය දැක්වීම අපේ යුතුකමක්. මගේ වයස අවුරුදු පනස් හයක්. මේ පනස් හයට මගේ ඇස්දෙකෙන් දැකපු හිරිකිතම සිදුවීම තමයි අපේ ආබාධික රණවිරුවන්ට එළව එළවා පහර දීම. අහන්න ලැබුණ හිරිකිතම ප‍්‍රවෘත්තිය තමයි සිලාවතුර නාවික හමුදා කඳවුරට පොලිස් ආරක්ෂාව ලබාදීම. එදා පොලිසිය ආරක්ෂා කළේ හමුදාව. අද හමුදාව ආරක්ෂා කරන්න පොලිසිය යොදවලාලූ. මොනවද මේ සිදුවන්නේ.
අද වෙන්න පුලූවන් විශාලම පාවාදීම සිදුවී තිබෙනවා. මුත්තයියලා පන්දුවෙන් තැබූ වාර්තා, සුසන්තිකාලා ධාවන තරගවලින් තැබූ වාර්තා කඩන්න තවම අපේ රටේ කාටවත් බැරි වෙලා තිබෙනවා. නමුත් පාවාදීම්වලින් නම් අපේ අද ඉන්න නායකයෝ ඉහළටම ඇවිත් තිබෙනවා.
අද අපේ රටේ බෝම්බ පුපුරන්නේ නැහැ. ත‍්‍රස්තවාදයක් නැහැ. එදා බියෙන්, සැකයෙන් ජීවත් වූ දෙමළ ජනතාවට නැවත ජීවය කැවූ අපි ඔවුන්ව අපෙන් ඈත් කරන්න සූදානම් නැහැ. අපි එකට ඉන්න කොට තිබෙන බලය අපි බෙදා වෙන්කළාම නැති බව අපේ මෝඩ පාලකයින්ට නොපෙනීම රටේ අවාසනාවක්. පාර්ලිමේන්තුවේ ඉන්න මහජන නියෝජිතයන්ට අපි මතක් කරනවා රටට සේවය කරන්න හෝ නිකම් කාලය නාස්ති කරන්න හෝ යළිත් පාර්ලිමේන්තුවට එන්න හිතනවා නම් මේ නව ව්‍යවස්ථාව සම්මත කර ආපසු ගමට එන්න එපා.
මෙහිදී අද්මිරාල් සරත් විරරෙස්කර මහතා දහතුන්වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ සමගාමී ලැයිස්තුව පිළිබඳව පැහැදිළි කළේය. විමල් තිරිමාන්න පියතුමා, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජිනීවාහි හිටපු තානාපති තමරා කුනනායගම්, නීතිඥ රුෂ්ඩි හබීබ්, විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්ම මහත්මීහුද මෙහිදී අදහස් දැක්වූහ.
මෙම අවස්ථාවට ඉඳුරාගාරේ ධම්මරතන හිමි ඇතුළු භික්ෂූන් වහන්සේලා පිරිසක්ද, හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද රාජපක්ෂ, විමල් වීරවංශ, කුමාර වෙල්ගම, චමල් රාජපක්ෂ, රෝහිත අබේගුණවර්ධන ඇතුළු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් පිරිසක්ද, හිටපු ඇමති බැසිල් රාජපක්ෂ, හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා, ආචාර්ය ගුණදාස අමරසේකර, නිව්යෝක්හි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු ශ‍්‍රී ලංකා නිත්‍ය නියෝජිත පාලිත කොහොන මහත්වරුන් ඇතුළු විද්වතුන් පිරිසක්ද, ශ‍්‍රියන්ත මෙන්ඩිස්, නීලා වික‍්‍රමසිංහ යන කලකරුවන් ඇතුළු විශාල පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.
නෙදන් ලයන් බංගලාදේශ පිතිකරුවන් වනසයි.. රංගනගේ ලෝක වාර්තාව නූලෙන් බේරෙයි
නෙදන් ලයන් බංගලාදේශ පිතිකරුවන් වනසයි.. රංගනගේ ලෝක වාර්තාව නූලෙන් බේරෙයි
නෙදන් ලයන්ගේ විශිෂ්ට පන්දුයැවීම හේතුවෙන් බංගලාදේශය අතර පැවති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟය කඩුලු 07කින් ජයගනිමින් තරගාවලිය සම තත්වයේ අවසන් කිරීමට ඕස්ට්‍රේලියා කණ්ඩායම අද සමත් වුනා
ජයග‍්‍රහණය සදහා ලකුනු 86ක ඉලක්කයක් හඹා ගිය ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායම කඩුලු 03ක් පමණක් දැවී සිටියදී එම ඉලක්කය සපුරා ගත්තා.
තරඟයේ පළමුව පන්දුවට පහර දුන් බංගලාදේශය කණ්ඩායම සිය ප‍්‍රථම ඉනිම වෙනුවෙන් සියලුදෙනා දැවී ලකුණු 305 ක් ලබා ගත් අතර නායක මුෂ්ෆිකර් රහීම් සහ ශබීර් රහමාන් අර්ධ ශතක ලබා ගැනීමට සමත් විය.
ඔස්ට්‍රේලියාව වෙනුවෙන් පන්දු යැවීමේදී දක්ෂතා දැක්වූ නේදන් ලයන් කඩුලු 7ක් දවා ගැනීමට සමත් විය.
ඔස්ට්‍රේලියාව තම පළමු ඉනිමේදී ලකුණු 377 ක් ලබා ගැනීමට සමත් වුන අතර ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් ශතකයක් ලබාගත් අතර නායක ස්මිත් සහ පීටර් හැන්ඩ්ස්කොප් අර්ධ ශතක ලබා ගැනීමට සමත් විය.
පන්දු යැවීමේදී මුෂ්ෆිකර් රෙහෙමාන් කඩුලු හතරක් සහ මෙහෙදී හසන් කඩුලු 3ක් බිඳ දැමීමට සමත් විය.
ඔස්ටේ‍්‍රලියානු ප‍්‍රථම ඉනිමට වඩා ලකුණු 72ක් පිටුපසින් දෙවන ඉනිම ඇරඹූ බංගලාදේශ කණ්ඩායම ලකුණු 157 කට සීමා කිරීමට පෙරමුණ ගත් දඟ පන්දු යවන ක්‍රීඩක නේදන් ලයන් නැවතත් බංගලි කඩුලු 6ක් තමන් සතු කර ගත්තේ තරඟය පුරාවට කඩුලු 13ක් බිඳ දමා ගනිමිනි.
ඒ අනුව තරඟයේ ජයග්‍රහණය සඳහා ලකුණු 86 කඩුලු 3ක් පමණක් දැවී ලබාගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත් විය.
මෙම තරඟයේ සුපිරි දක්ෂතාවයක් පෙන්වූ නේදන් ලයන් වසර 130 ක් පැරණි ඕස්ට්‍රේලියා වාර්තාවක් බිඳ දැමීමට සමත් වූ අතර රංගන හේරත් පිහිටවා තිබු වාර්තාවක් සම කිරීමට එක කඩුල්ලක් අඩු විය.
1887 දී අළුබඳුන තරඟාවලියේ JJ Ferrisවිසින් තරඟ දෙකක් තුල ඕස්ට්‍රේලියා පන්දු යවන්නෙකු බිඳ දැමු වැඩිම කඩුලු වාර්තාවට හිමකම් කිව්වේ කඩුලු 18ක් බිඳ දමමිනි.ලයන් මේ තරඟ දෙක තුල දවාගත් කඩුලු ප්‍රමාණය කඩුලු 22 ක් විය.
තරඟ 2 ක් තුල බිඳ දමා ඇති වැඩිම කඩුලු ප්‍රමාණය ලෝක වාර්තාව උසුලන්නේ ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත්ය.හේරත් 2014 පකිස්ථානය සමඟ පැවති ටෙස්ට් තරඟ දෙකකින් යුතු තරඟාවලියේදී කඩුලු 23 ක් බිඳ දමා පිහිටවා තිබෙන ලෝක වාර්තාව බිඳ දැමීමට ලයන්ට අද දිනයේ නොහැකි විය.
අරැන්දික ශ‍්‍රීලනිප මධ්‍යම කමිටුවේදී චන්ද්‍රිකාට බැණ වදී,සුසිල් ආණ්ඩුවෙන් යන්න අවසර ඉල්ලයි
ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභාවේදී නියෝජ්‍ය ඇමති අරුන්දික ප‍්‍රනාන්දු විසින් චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනපතිනියට බැණ වැදී ඇති බව වාර්තා වෙයි.
දෙදෙනා අතර මෙම උණුසුම් වචව හුවමාරුව සිදුව ඇත්තේ තමන් ඇතුළු පිරිසකට ස්වාධීනව පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට ඉඩ දෙන ලෙස කරන ලද ඉල්ලීමක් සම්බන්ධයෙනි.
එජාපය අතහැර දුෂිතයින් මිනීමරුවන් සමග ආණ්ඩු කිරීමට නොහැකි බවත් එජාපය සමග එක් වූ නිසා රටත් පක්‍ෂයත් මහින්ද රාජපක්ෂගෙන් බේරාගත් බවය.
මෙම ප‍්‍රකාශයට දැඩි විරෝධයක් අරුන්දික ප‍්‍රනාන්දු පල කිරීමත් සමග මෙම උණුසුම් තත්වය හටගෙන ඇත.
මෙම අවස්ථාවට සහභාගි වූ සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා කියා ඇත්තේ ඉදිරි මැතිවරණවලදී පක්ෂය දිනවීමට අවශ්‍ය නම් බිම් මට්ටමේ සහාය ඇති ඒකාබද්ධ විපක්ෂය සමග එක්ව ගමනක් යා යුතු බවයිග
මෙහිදී අදහස් පල කර ඇති ඇමති සුසිල් පේ‍්‍රම්ජයන්ත් සදහන් කර ඇත්තේ මේ වන විට ඒකාබද්ධ විපක්ෂයට ඉහල ජනතා ප්‍රසාදයක් තිබෙන නිසා ඔවුන් අතහැර ගියහොත් ඉදිරි මැතිවරණ පරාජයට පත්වීමට ඉඩ ඇති බවයි.
එජාපයේ සියලු වැරදිවලට තව දුරටත් කර ගැසීමට නොහැකි නිසා ස්වාධීන වීමට අවස්ථාව දෙන ලෙසද ඔහු ඉල්ලා ඇත.
කළු ගග පිටාර ගලයි.. එජාප 71 වැනි සමුළු වේදිකාව යටවෙයි.. සමුළුව කල් යයි.
එක්සත් ජාතික පක්‍ෂයේ 71 වැනි සංවත්සරය අනිද්දා 10 දිනයේ පැවැත්වීම සදහා මෙවර සූදානම් කර තිබුනේ රත්නපුර සීවලී ක‍්‍රීඩාංගනයේදීය.
රත්නපුර ප‍්‍රදේශයට ඇද හැලුනු අධික වර්ෂාපතනය හේතුවෙන් කළුගග පිටාර ගලා සීවලී ක‍්‍රීඩාංගනදයද යටව ගොස් ඇත්තේ එජාප සංවත්සරයට සූදානම් කර තිබූ වේදිකා හා ශාලාවන්ද යට කරමිනි.
මේ හේතුව මත එජාප 70 වන සංවත්සරය කල් දමා ඇති බව එම පක්‍ෂ ආරංචි මාර්ග සදහන් කරයි.
Thursday, September 7, 2017
ඊයේ කාසිය වාසිය දිනල තියෙන්නේ තරංග.ලංකාවට දැඩි අසාධාරණයක්(VIDEO)
ඊයේ කාසිය වාසිය දිනල තියෙන්නේ තරංග..විස්තර විචාරකයා මෙය හිතාමතාම කල දෙයක්ද? ලංකාවට දැඩි අසාධාරණයක්(VIDEO)
සංචාරක ඉන්දියානු කණ්ඩායම හා ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වු විස්සයි විස්ස තරගයේ කාසිය වාසිය උරගා බැලීමේදී ශ‍්‍රී ලංකාවට අසාධාරණයක් සිදුවී ඇති බවට ඉන්දිායානු මාධ්‍ය වාර්තා කරනවා
එහිදී කාසියේ වාසිය ඉල්ලු විරාත් කෝලි ‘ Head’ යනුවෙන් සදහන් කරන අතර තරග තීරක වශයෙන් කටයුතු කල Andy Pycroft පවසන්නේ එය “tails“බවයි.
එහෙත් ඒ පිළිබදව සැලකිල්ලක් නොදැක්වු විස්තර විචාරක මුරලි කාර්තික් ඉන්දියානු නායකයාගෙන් පළමුවෙන් තීරණය කුමක්දැයි අසන අතර නායක උපුල් තරංගද ඒ පිළිබදව එතරම් අවධානයක් යොමු නොකරයි.
එම අවස්ථාව පහතින්
ඊයේ තරගයේ හොර රහසේම වැඩි මුදලට විකුණුනු ටිකට් ජාවාරම(වීඩියෝව)
“
ටිකට් 3 ට රු. 5000 ක් කියලා ෆේස් බුක් දාලා” “රු 300 ටිකට් එක රු 800 ගානේ විකුණලා” මෙරට ක්‍රිකට් තරග පැවැත්වෙන බොහෝ අවස්ථාවලදී ක්‍රීඩා ලෝලීන්ට මුහුණ පෑමට සිදුවන ප්‍රධානතම ගැටලුවක් වන්නේ නියමිත මුදලට ප්‍රවේශ පත්‍ර ලබා ගැනිමට නොහැකි වීමයි.ඊට හේතුව සංවිධානාත්මක පිරිස් ක්‍රිකට් තරගවල ප්‍රවේශ පත්‍ර තොග වශයෙන් කලින් ම මිලදී ගෙන තරග පැවැත්වෙන දිනවලදී ඒවා වැඩි මිලට අලෙවි කිරිමයි.අන්තර්ජාලයේ දැන්වීම් පවා පළ කරමින් වැඩි මිලට ක්‍රිකට් තරග ප්‍රවේශපත්‍ර අලෙවි කිරීම මේ වනවිට ජාවාරමක් බවට පත්ව තිබෙනවා.
ජාවාරම්කරුවන් රුපියල් 800 කට අලෙවි කරනු ලබන්නේ රුපියල් 300 සඳහා මිල නියම කර ඇති ප්‍රවේශ පත්‍රයි. ප්‍රවේශ පත්‍ර අලෙවි කිරීමට ජාවාරම්කරු පැමිණෙන ලෙස දැන්වූයේ බොරැල්ල ප්‍රදේශයටයි.ඒ වනවිටත් බොරැල්ල පොලිස් ස්ථානයේ දූෂණ මර්දන අංශයේ නිලධාරීන් සිවිල් ඇඳුමින් සැරසී සැකකරු අත්අඩංගුවට ගැනීම සදහා සුදානම්ව සිටියා.තමා සන්තකයේ ප්‍රවේශ පත්‍ර 8 ක් පමණක් ඇති බව පැවසුවත් පොලිස් විමර්ශනයේදී සැකකරු සන්තකයේ තිබී රුපියල් 300 වටිනාකමින් යුත් ප්‍රවේශ පත්‍ර 18 ක් සොයාගනු ලැබුවා.වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී සැකකරු පැවසුවේ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පුද්ගලයෙකු හරහා මෙම ප්‍රවේශ පත්‍ර තමන්ට හිමි වූ බවයි. සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ල පොලිසියේ දූෂණ මර්දන ඒකකය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
වීඩියෝව පහතින්…
මම ක්‍රිකට් කාල ගිහින්නේ තියෙන්නේ.
“මම ක්‍රිකට් කාල ගිහින්නේ තියෙන්නේ. ඉතින් මම හිතන්නේ නැහැ මගෙන් මොකුත් කරන්න දෙයක් තියෙනවා කියලා”- සනත් සමුගනිමින් කල සංවේදී කතාව
ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති පදවියෙන් හිටපු නායක සනත් ජයසූරිය ඊයේ (සැප් 06) සමු දුන්නේය.
ඒ ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර විස්සයි විස්ස තරගයට අවසන් වරට කණ්ඩායමක් තොරා දීමෙන් අනතුරුවය.
දිගින් දිගටම ක්‍රිකට් කණ්ඩායම ලද පරාජයන්හි වගකීම බාර ගනිමින් තමන් ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉවත්වුණු බව තරගය අතරතුර බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් සනත් ජයසූරිය පැවසීය.
“යොවුන් කණ්ඩායමක් ඉන්නේ, ඔවුන්ට අපි හැමෝම ක්‍රීඩකයෝ උදව් කරන්න ඕන වෙලාවේ, මම දැක්කා ඒක බොහොම අඩුවෙන් ලැබුණේ කණ්ඩායමේ ක්‍රීඩකයන්ට, ක්‍රීඩකයෝත් මානසිකව වැටිලා ඉන්නේ”
“තේරීම් කමිටුව ලෙස අපි හිතුවා අපි මේ වගකීම බාර ගන්න ඕන කියලා. ඒ වගකීම බාර ගන්නේ පරාජය වුනාම විතරයි, දිනනකොට කවුරුත් මොකුත් කියන්නේ නැහැ”
සනත් ජයසූරිය තම ධුරයෙන් ඉල්ලා අස්වීම “ක්‍රිකට් කාපු සනත්ගේ ඉවත්වීමක්” ලෙස ඇතැම් අය හැඳින්වූ අතර ඒ ගැන විමසීමේදී සනත් ජයසූරිය පැවසුවේ එසේ ප්‍රකාශ කළ අයට ක්‍රීඩා ලෝලීන්ම පිළිතුරු ලබාදී තිබුණු බවය.
“හැමවිටම ක්‍රීඩා කරන්න පුළුවන් ක්‍රීඩකයන්ගෙන් හොඳම කණ්ඩායම අපි තෝරලා තියෙනවා, අඩුපාඩු තියෙන්න ඇති හැබැයි අපි හැමවිටම උත්සාහ කළේ අඩුපාඩු හදාගෙන ඉදිරියට යන්න”
ආබාධ
සනත් ජයසූරිය ඇතුළු වත්මන් තේරීම් කමිටුවට එල්ල වුණු ප්‍රභලතම චෝදනාව වුයේ නිතරම කණ්ඩායම වෙනස් කරමින් ස්ථාවරව ක්‍රීඩා කිරීමට ක්‍රීඩකයන්ට නිසි ලෙස අවස්ථාව ලබානොදීම ගැනය.
ක්‍රීඩකයන් 50කට අධික පිරිසක් පසුගිය කාල වකවානුවේ ශ්‍රී ලංකාව නියෝජනය කර තිබුණි.
එම චෝදනා ප්‍රතික්ෂේප කරන සනත් ජයසූරිය කණ්ඩායමේ ක්‍රීඩකයන්ට නිතර සිදුවූ ආබාධ එලෙස කණ්ඩායම වෙනස්කිරීමට හේතුවූ බව පැවසුවේය.
“අපි දැක්කා කොයිතරම් ක්‍රීඩකයෝ ආබාධයට ලක්වෙලා තියෙනවද කියලා, මේ දේ දන්නේ නැතුව අපේ පරණ ක්‍රීඩකයෝ හැමදෙනෙක්ම කතාකරනවා කී දෙනෙක් ක්‍රීඩා කරා ද කියලා”
“දැන් අද තරගයේ මිලින්ද සිරිවර්ධන ආබාධයට ලක්වෙලා, එතකොට මම මොකක්ද කරන්නේ?” යනුවෙන් ඔහු ප්‍රශ්න කළේය.
2011 ලෝක කුසලානය
2011 ලෝක කුසලාන අවසන් තරගයේ ඇන්ජෙලෝ මැතිව්ස් ආබාධයකට ලක්වූ විට කණ්ඩායම සමබර කර ගැනීමට එවක තේරීම් කමිටුව වෙනස්කම් 4ක් කළ බව ද සනත් ජයසූරිය මෙහිදී සිහිපත් කළේය.
හිටපු නායකයෙක් ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් වර්තමානයේ වැටී ඇති අගාධයෙන් ගොඩගැනීමට ඉදිරියේදී දක්වන දායකත්වය ගැන විමසීමේදී ඔහු සිනාසෙමින් පැවසුවේ “මම ක්‍රිකට් කාල ගිහින්නේ තියෙන්නේ ඉතින් මම හිතන්නේ නැහැ මගෙන් මොකුත් කරන්න දෙයක් තියෙනවා කියලා” යනුවෙනි.
කෙසේ නමුත් පසුව ඔහු පැවසුවේ ඕනෑම අවස්ථාවක ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට දායකත්වයක් ලබාදීමට තමන් සුදානම් බවය.
“ශ්‍රී ලංකා ක්‍රිකට් තමයි මගේ ජිවිතේ පළමු තැන” යනුවෙන් ඔහු සංවාදය අවසන් කළේය
සිල් රෙදි නඩුවේ තීන්දුව දෙයි.. ලලිත් වීරතුංග, අනුෂ පැල්පිට තුන් වසරක් හිරේ
පසුගිය රජය සමයේදී ජනාධිපතිවරණය ආසන්නයේ බෞද්ධ උපාසක උපාසිකාවන්ට සිල් රෙදි පෙදා දීම සම්බන්දයෙන් නීතිපතිවරයා විසින් පවරනු ලැබූ නඩුවේ සියළු චෝදනාවන්ට විත්තිකරුවන් වැරදිකරුවන් යයි කොළඹ මහාධිකරණය අද සිය තීන්දුව ලබා දෙමින් කියා සිටියේය.
ලලිත් වීරතුංග හිටපු ජනාධිපති ලේකම්වරයා හා අනූෂ පැල්පිට එවකට විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා මෙසේ වරදකරුවන් බවට පත් කර බරපතළ වැඩ ඇතිව තුන් අවුරුදු සිර දඬුවමක් නියම කර ඇත.
එක් අයකු විසින් රුපියල් ලක්ෂ 20 බැගින් වු දඩ මුදලක් හා විදුලි සංදේශ නියාමන කොමිසමට මිලියන 50ක වන්දියක්ද ගෙවන ලෙස නියෝග කරනු ලැබින.
පසුගිය ජනාධිපතිවරණ ආසන්නයේදී රුපියල් කෝටි 60ක විදුලි සංදේශ නියාමන කොමිසන් සභාවේ මුදල් අවභාවිත කර සිල් රෙදි බෙදා දුන්නේ යයි චෝදනා එල්ල වී තිබින.
Wednesday, September 6, 2017
අර්ජුන් ඇලෝසියස් සිඅයීඩියට
පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අර්ජුන් ඇලෝසියස් මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා මීට සුළු වේලාවකට පෙර බැඳුම්කර කොමිසමේ අපරාධ විමර්ෂණ කාර්යාලයට පැමිණියේය
ඊයේ (06දා) කොමිසම හමුවේ අණාවරණය වූයේ ඇලෝසියස් මහතාගේ ප්‍රකාශයක් ලබාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් උත්සාහ කළත් ඔහුව සම්බන්ධ කර ගැනීමට නොහැකි වූ බවයි.
Tuesday, September 5, 2017
සනත්ගේ නමත් යොදා සුපිරි පිතිකරු කෝලි තැබු ෆේස්බුක් සටහන
ඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලි ජාත්‍යන්තර ගුරු දිනයට මසක් පමණ පෙර සිට එනම් අද දිනයේ සිය ක්‍රිකට් දිවියේ ගුරුවරුන්ට සිය ෆේස්බුක් ගිණුම හරහා ස්තුති කර තිබෙනවා.
එහිදි සිය ෆේස්බුක් ගිණුමට ඡායාරූපයක් එක් කරන ඔහු සදහන් කරන්නේ ” මාගේ ක්‍රිකට් දිවියේ ගුරුවරුන්ට මග පෙන්වූවාට ස්තුතියි” යනුවෙනි.
සිය ක්‍රිකට් දිවියේ ගුරුවරුන් ලෙස සලකන ක්‍රිඩකයන් කිහිප දෙනෙකුගේ නම්ද පසුබිමින් විරාත් කෝලී එම ඡායාරූපයට එකතු කර තිබෙන අතර හිටපු ශ්‍රී ලාංකේය සුපිරි ක්‍රීඩක සනත් ජයසූරියද සිටීම විශේෂයි.
ක‍්‍රිකට් ක‍්‍රීඩකයින්ට ඩිලන්තගෙන් සිහින් ටොක්කක්
දිලන්ත මාලගමුව යනු ශ්‍රී ලංකා ක්‍රීඩා ඉතිහාසයේ නොමැකෙන නමක් තැබු වීරයෙක්.
ශ්‍රී ලාංකිකයෙකුට සිහිනයක්ම පමණක් ව තිබු මෝටර් රථ ධාවන ක්ෂේත්‍රයට පා තබා රජයෙන් හෝ රටෙන් කිසිදු අනුග්‍රහයක් නොලබා රටට මහා ගෞරවයක් ගෙනා දිලන්ත පසුගිය දිනෙක සිරස රූපවාහිනී නාළිකාවේ පැවැති සජීවි සංවාදයකට එක් වුනා.ඒ දිලන්ත මෙන්ම රටට ගෞරවයක් ගෙනා ආසියානු කාය වර්ධන ශූර ලූෂන් පුෂ්පරාජ් ඇතුලු පිරිසක් සමග.
එහිදි දිලන්ත දැක්වු අදහසක් සමාජ ජාලා මාධ්‍ය වල කතාබහට ලක්ව තිබෙනවා.
දිලන්ත ප්‍රකාශ කලේ ‘ ඇතැම් ක්‍රීඩාවන්හි ක්‍රීඩකයන් මානසිකව වැටෙනවා යැයි චෝදනා කරනවා නම් ඔවුන් රට නියෝජනය කිරීමට නුසුදුසු බවයි”
එසේ නම් මවුබිමෙන් කිසිදු අනුග්‍රහයක් නොලබා මවුබිමට විශාල ගෞරවයක් ගෙනා තමන් , ලූෂන් ඇතුලු ක්‍රීඩකයන් කොපමණ මානසිකව වැටිය යුතුදැයි ඔහු ප්‍රශ්න කර සිටියා.
එසේ නම් මවුබිමෙන් කිසිදු අනුග්‍රහයක් නොලබා මවුබිමට විශාල ගෞරවයක් ගෙනා තමන් , ලූෂන් ඇතුලු ක්‍රීඩකයන් කොපමණ මානසිකව වැටිය යුතුදැයි ඔහු ප්‍රශ්න කර සිටියා.
එම අවස්ථාවේ සම්පූර්ණ සංවාදය පහතින් ..
දිලන්ත :අපි යන්නේ ශ්‍රී ලාංකිකයෙක් විදියට , ලූෂන් යන්නේ ශ්‍රී ලාංකිකයෙක් විදියටමොකද අපි ලෝකෙ එක්ක තරග කරලා දින්නට පස්සේ ඔසවන්නේ ශ්‍රී ලංකා ජාතික කොඩිය,
ගැයෙන්නේ ශ්‍රී ලංකා ජාතික ගීය.
අපි තරග කරන්නේ අපේ රට වෙනුවෙන් ලෝකයේ ධණවත් රටවල ක්‍රීඩකයො එක්ක .
ඒ නිසා මේ ක්‍රීඩා ගැනත් බලන්න.
මන් දැකලා තියෙනවා ක්‍රීඩකයො කියනවා මානසිකව වැටිලා කියලා,
එහෙම නම් මම , මෙයා (ලූෂන්) කොහොම වැටෙන්න ඕනද ,
මන් කියන්නේ මානසිකව වැටිච්ච කෙනෙක් රට්ක් නියෝජනය කරන්න සුදුසු නෑ.
ගැයෙන්නේ ශ්‍රී ලංකා ජාතික ගීය.
අපි තරග කරන්නේ අපේ රට වෙනුවෙන් ලෝකයේ ධණවත් රටවල ක්‍රීඩකයො එක්ක .
ඒ නිසා මේ ක්‍රීඩා ගැනත් බලන්න.
මන් දැකලා තියෙනවා ක්‍රීඩකයො කියනවා මානසිකව වැටිලා කියලා,
එහෙම නම් මම , මෙයා (ලූෂන්) කොහොම වැටෙන්න ඕනද ,
මන් කියන්නේ මානසිකව වැටිච්ච කෙනෙක් රට්ක් නියෝජනය කරන්න සුදුසු නෑ.
නිවේදකයා : ඔබ කියන්නේ විශේෂයෙන් ක්‍රිකට් ක්‍රීඩාව ගැන
දිලන්ත : මන් කියන්නේ හැම ක්‍රීඩාව ගැනම , මට ඇහිලා තියෙනවා ක්‍රීඩකයො මානසිකව වැටිලා කියනවා
ඉතින් මානසිකව වැටිලා නම් කොහොමද රටක් නියෝජනය කරන්නේ
මන් කියන්නේ මානසිකව වැටිලා නම් එයාව පැත්තකින් තියලා මානසිකව හොද තත්වයේ අයව ක්‍රීඩා කරවන්න
මොකද එහෙම මානසිකව වැටෙනවා නම් මෙලහකට මම අංගොඩ , මෙයා (ලූෂන්) මුල්ලේරියාවේ ඉන්න ඕන.
ඉතින් මානසිකව වැටිලා නම් කොහොමද රටක් නියෝජනය කරන්නේ
මන් කියන්නේ මානසිකව වැටිලා නම් එයාව පැත්තකින් තියලා මානසිකව හොද තත්වයේ අයව ක්‍රීඩා කරවන්න
මොකද එහෙම මානසිකව වැටෙනවා නම් මෙලහකට මම අංගොඩ , මෙයා (ලූෂන්) මුල්ලේරියාවේ ඉන්න ඕන.
Monday, September 4, 2017
වැන්ඩසේ - දසුන් විස්සයි20 සංචිතයට
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අනිද්දා (6 වැනිදා) පැවැත්වෙන විස්සයි20 ක්‍රිකට් තරගය සඳහා නම කර ඇති ක්‍රීඩකයන් 15 දෙනෙකුගෙන් සමන්විත සංචිතයට පා දඟ පන්දු යවන ක්‍රීඩක ජෙෆ්රි වැන්ඩසේ සහ තුන් ඉරියවු ක්‍රීඩක දසුන් ශානක කැඳවා තිබේ.
ආබාධයකට ලක්ව සිටි ජෙෆ්රි වැන්ඩසේ, මේ වසරේදී සහභාගි වන පළමු විස්සයි20 තරගය මෙය වන අතර ඉකුත් වසරේ පැවැති විස්සයි20 ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව මේ දක්වා ඔහු විස්සයි20 තරගයකට සහභාගි වී නොමැත. මෙතෙක් විස්සයි20 තරග 7 කට ක්‍රීඩා කර ඇති වැන්ඩසේ එහිදී දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 4 කි.
මේ වසරේ පෙබරවාරි මාසයේදී ඔස්ටේ්‍රලියාවට එරෙහිව පැවැති විස්සයි20 තරගාවලියට සහභාගි වූ දසුන් ශානකද එම තරගාවලියෙන් පසුව නැවත ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවා ඇති අතර මේ දක්වා විස්සයි20 තරග 12 කට ක්‍රීඩා කර ඇති ඔහු එහිදී ලකුණු 112 ක් රැස්කරමින් කඩුලු 6 ක් දවාගැනීමට සමත්ව සිටියි.
උපුල් තරංග විස්සයි20 කණ්ඩායමේ ස්ථිර නායකයා බවට පත්වීමෙන් පසුව ශ්‍රී ලංකාව සහභාගි වන පළමු තරගය මෙය වන අතර එක්දින තරගාවලියට ක්‍රීඩා නොකළ ක්‍රීඩකයන් වන ඉසුරු උදාන, සීක්කුගේ ප්‍රසන්න, සුරංග ලක්මාල් සහ විකුම් සංජයද විස්සයි20 සංචිතයට කැඳවා සිටිති.
මේ අතර එක්දින තරගාවලියේදී දිගින් දිගටම අසාර්ථක වූ ඉදිරි පෙළ පිතිකරු කුසල් මෙන්ඩිස්ට මෙම විස්සයි20 තරගයේදී විවේකයක් ලබාදීමට තේරීම් කමිටුව පියරව ගෙන තිබේ.
ආබාධයකට ලක්ව සිටින ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලකද සංචිතයට ඇතුළත් කර නොමැති අතර බොහෝ දුරට මෙම තරගයේදී ධනුෂ්කගේ ස්ථානය ඩිල්ෂාන් මුණවීරට හිමිවීමට ඉඩ ඇති බව වාර්තා වේ.
එක්දින තරගාවලියට ක්‍රීඩා කළ චාමර කපුගෙදර, මාලින්ද පුෂ්පකුමාර, ලක්ෂාන් සඳකැන්, දුෂ්මන්ත චමීර සහ විෂ්ව ප්‍රනාන්දු යන ක්‍රීඩකයන්ටද විස්සයි20 සංචිතයේ ස්ථානයක් හිමිවී නැත.
එක්දින තරගාවලියට ක්‍රීඩා කළ චාමර කපුගෙදර, මාලින්ද පුෂ්පකුමාර, ලක්ෂාන් සඳකැන්, දුෂ්මන්ත චමීර සහ විෂ්ව ප්‍රනාන්දු යන ක්‍රීඩකයන්ටද විස්සයි20 සංචිතයේ ස්ථානයක් හිමිවී නැත.
ශ්‍රී ලංකා විස්සයි20 සංචිතය
උපුල් තරංග (නායක), ඇන්ජලෝ මැතිව්ස්, නිරෝෂන් දික්වැල්ල, ඩිල්ෂාන් මුණවීර, දසුන් ශානක, වනිඳු හසරංග, මිලින්ද සිරිවර්ධන, අකිල ධනංජය, ජෙෆ්රි වැන්ඩසේ, ඉසුරු උදාන, සීක්කුගේ ප්‍රසන්න, තිසර පෙරේරා, ලසිත් මාලිංග සහ විකුම් සංජය
සරත් ෆොන්සේකාට විරුද්ධව කිරිබත්ගොඩ ජනතාව විදි බසියි (වීඩියෝ සහිතයි)
SF ගේ අනු රුවකටත් ගිනි තබයි,
හිටපු හමුදාපති ජගත් ජයසුරිය මහතා අපරාධ වලට සම්බන්ධ බවත් එම අපරාධ පිලිබදව තමන් සතුව සාක්ෂි ඇති බවද ජගත් ජයසුරිය මහතාට එරෙහිව සාක්ෂි දීමට සුදානම් බවද ප්‍රදේශිය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පසුගියදා ප්‍රකාශ කළේය.මෙම ප්‍රකාශ සම්බන්ධව විවිධ පාර්ශවයන්ගෙන් මේ වන විට විරෝධතාවන් එල්ල වෙමින් පවතියි.
මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දැක්වූ ෆිල්ව් මාර්ෂල් සරත් ෆොන්සේකා සදහන් කර සිටියේ තමන් හමුදාපති ලෙස ලක්ෂ දෙකක හමුදාවකට අණ දුන් බවත් ජගත් ජයසුරිය යනු එහි එක් සාමාජිකයෙක් පමණක් වන නිසා ජගත් ජයසුරිය වගේ අය වැරදි කර ඇත්නම් එහි වරද තමන්ට බාර ගත නොහැකි බවයි.
කෙසේ වෙතත් ෆොන්සේකා මහතාගේ ප්‍රකාශ සම්බන්ධයෙන් වත්මන් හමුදාපති වරයාද පණිවුඩයක් නිකුත් කර තිබුණු අතර එහිදී ඔහු සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා තිබුණේ පෞද්ගලික අමනාපකම් පිරිමසා ගැනීමට උත්තරීතර රණවිරුවන් සම්බන්ධ කර නොගන්න ලෙසයි. කෙසේ වෙතත් තත්වය මෙසේ පවතිද්දී කිරිබත්ගොඩ ප්‍රදේශයේ ජනතා පිරිසක් අමාත්‍ය සරත් ෆොන්සේකාට එරෙහිව උද්ඝෝෂණයේ යෙදෙන විඩියෝවක්ද දක්නට සමාජ ජාල වෙබ් අඩවි තුල හුවමාරු වනු දක්නට ලැබේ. එහිදී ෆොන්සේකා මහතාට විරෝධය දක්වන ජනතාව ඒ මහතාගේ අනුරුවකටද ගිනි තබන අයුරු දක්නට ලැබෙයි (වීඩියෝව පහතින් නරඹන්න)
කෙසේ වෙතත් ෆොන්සේකා මහතාගේ ප්‍රකාශ සම්බන්ධයෙන් වත්මන් හමුදාපති වරයාද පණිවුඩයක් නිකුත් කර තිබුණු අතර එහිදී ඔහු සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා තිබුණේ පෞද්ගලික අමනාපකම් පිරිමසා ගැනීමට උත්තරීතර රණවිරුවන් සම්බන්ධ කර නොගන්න ලෙසයි. කෙසේ වෙතත් තත්වය මෙසේ පවතිද්දී කිරිබත්ගොඩ ප්‍රදේශයේ ජනතා පිරිසක් අමාත්‍ය සරත් ෆොන්සේකාට එරෙහිව උද්ඝෝෂණයේ යෙදෙන විඩියෝවක්ද දක්නට සමාජ ජාල වෙබ් අඩවි තුල හුවමාරු වනු දක්නට ලැබේ. එහිදී ෆොන්සේකා මහතාට විරෝධය දක්වන ජනතාව ඒ මහතාගේ අනුරුවකටද ගිනි තබන අයුරු දක්නට ලැබෙයි (වීඩියෝව පහතින් නරඹන්න)
පර්පචුවල් සමාගම දුරකතන දත්ත 100ක් මකලා
පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමට ලැබුණු හා ඉන් ලබාගත් දුරකතන ඇමතුම් දත්ත සීයයකට අධික ප්‍රමාණයක් මකා දමා සකස් කළ සංයුක්ත තැටියක් කොමිසමට ඉදිරිපත් කළ බව පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ තොරතුරු තාක්ෂණ විධායක සචින් මධුශංක දේවතන්ත්‍රී මහතා අද (04) බැඳුම්කර කොමිසම හමුවේ පිළිගත්තේය.
පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන ගැනුම්කරු වන කසුන් පළිසේන යන මහත්වරුන්ගේ දැනුම් දීම් අනුව දුරකතන ඇමතුම් දත්ත මකා දැමු බවද දේවතන්ත්‍රී මහතා පැවසීය.
පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන ගැනුම්කරු වන කසුන් පළිසේන යන මහත්වරුන්ගේ දැනුම් දීම් අනුව දුරකතන ඇමතුම් දත්ත මකා දැමු බවද දේවතන්ත්‍රී මහතා පැවසීය.
මැතිවරණයට එන්නේ පොහොට්ටුවෙන් බව මහින්ද කියයි
මැතිවරණයට එන්නේ පොහොට්ටුවෙන් බව මහින්ද කියයි ;ජවිපෙ හිටපු මන්ත‍්‍රීවරයකුත් පොහොට්ටුවට එක්වෙයි
එළඹෙන මැතිවරණයට ඒකාබද්ධ පොදු එකතුවක් ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුවෙන් තරඟ වදින බව හිටපු ජනාධිපති සහ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද රාජපක්ෂ මහතා ඊයේ(03)පැවසීය.
හිටපු ජනාධිපතිවරයා එලෙස පැවසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දෙනියාය ආසන බල මණ්ඩල රැස්වීමකට සහභාගී වෙමිනි. දෙනියාය වරල්ල ඉළුක්කැටිය ප්‍රදේශයේදී එය පැවැත්විණි
.
Subscribe to:
Posts (Atom)