නෙදන් ලයන් බංගලාදේශ පිතිකරුවන් වනසයි.. රංගනගේ ලෝක වාර්තාව නූලෙන් බේරෙයි
නෙදන් ලයන්ගේ විශිෂ්ට පන්දුයැවීම හේතුවෙන් බංගලාදේශය අතර පැවති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟය කඩුලු 07කින් ජයගනිමින් තරගාවලිය සම තත්වයේ අවසන් කිරීමට ඕස්ට්‍රේලියා කණ්ඩායම අද සමත් වුනා
ජයග‍්‍රහණය සදහා ලකුනු 86ක ඉලක්කයක් හඹා ගිය ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායම කඩුලු 03ක් පමණක් දැවී සිටියදී එම ඉලක්කය සපුරා ගත්තා.
තරඟයේ පළමුව පන්දුවට පහර දුන් බංගලාදේශය කණ්ඩායම සිය ප‍්‍රථම ඉනිම වෙනුවෙන් සියලුදෙනා දැවී ලකුණු 305 ක් ලබා ගත් අතර නායක මුෂ්ෆිකර් රහීම් සහ ශබීර් රහමාන් අර්ධ ශතක ලබා ගැනීමට සමත් විය.
ඔස්ට්‍රේලියාව වෙනුවෙන් පන්දු යැවීමේදී දක්ෂතා දැක්වූ නේදන් ලයන් කඩුලු 7ක් දවා ගැනීමට සමත් විය.
ඔස්ට්‍රේලියාව තම පළමු ඉනිමේදී ලකුණු 377 ක් ලබා ගැනීමට සමත් වුන අතර ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් ශතකයක් ලබාගත් අතර නායක ස්මිත් සහ පීටර් හැන්ඩ්ස්කොප් අර්ධ ශතක ලබා ගැනීමට සමත් විය.
පන්දු යැවීමේදී මුෂ්ෆිකර් රෙහෙමාන් කඩුලු හතරක් සහ මෙහෙදී හසන් කඩුලු 3ක් බිඳ දැමීමට සමත් විය.
ඔස්ටේ‍්‍රලියානු ප‍්‍රථම ඉනිමට වඩා ලකුණු 72ක් පිටුපසින් දෙවන ඉනිම ඇරඹූ බංගලාදේශ කණ්ඩායම ලකුණු 157 කට සීමා කිරීමට පෙරමුණ ගත් දඟ පන්දු යවන ක්‍රීඩක නේදන් ලයන් නැවතත් බංගලි කඩුලු 6ක් තමන් සතු කර ගත්තේ තරඟය පුරාවට කඩුලු 13ක් බිඳ දමා ගනිමිනි.
ඒ අනුව තරඟයේ ජයග්‍රහණය සඳහා ලකුණු 86 කඩුලු 3ක් පමණක් දැවී ලබාගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත් විය.
මෙම තරඟයේ සුපිරි දක්ෂතාවයක් පෙන්වූ නේදන් ලයන් වසර 130 ක් පැරණි ඕස්ට්‍රේලියා වාර්තාවක් බිඳ දැමීමට සමත් වූ අතර රංගන හේරත් පිහිටවා තිබු වාර්තාවක් සම කිරීමට එක කඩුල්ලක් අඩු විය.
1887 දී අළුබඳුන තරඟාවලියේ JJ Ferrisවිසින් තරඟ දෙකක් තුල ඕස්ට්‍රේලියා පන්දු යවන්නෙකු බිඳ දැමු වැඩිම කඩුලු වාර්තාවට හිමකම් කිව්වේ කඩුලු 18ක් බිඳ දමමිනි.ලයන් මේ තරඟ දෙක තුල දවාගත් කඩුලු ප්‍රමාණය කඩුලු 22 ක් විය.
තරඟ 2 ක් තුල බිඳ දමා ඇති වැඩිම කඩුලු ප්‍රමාණය ලෝක වාර්තාව උසුලන්නේ ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත්ය.හේරත් 2014 පකිස්ථානය සමඟ පැවති ටෙස්ට් තරඟ දෙකකින් යුතු තරඟාවලියේදී කඩුලු 23 ක් බිඳ දමා පිහිටවා තිබෙන ලෝක වාර්තාව බිඳ දැමීමට ලයන්ට අද දිනයේ නොහැකි විය.
No comments:
Post a Comment