පසුගිය රජය සමයේදී ජනාධිපතිවරණය ආසන්නයේ බෞද්ධ උපාසක උපාසිකාවන්ට සිල් රෙදි පෙදා දීම සම්බන්දයෙන් නීතිපතිවරයා විසින් පවරනු ලැබූ නඩුවේ සියළු චෝදනාවන්ට විත්තිකරුවන් වැරදිකරුවන් යයි කොළඹ මහාධිකරණය අද සිය තීන්දුව ලබා දෙමින් කියා සිටියේය.
ලලිත් වීරතුංග හිටපු ජනාධිපති ලේකම්වරයා හා අනූෂ පැල්පිට එවකට විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා මෙසේ වරදකරුවන් බවට පත් කර බරපතළ වැඩ ඇතිව තුන් අවුරුදු සිර දඬුවමක් නියම කර ඇත.
එක් අයකු විසින් රුපියල් ලක්ෂ 20 බැගින් වු දඩ මුදලක් හා විදුලි සංදේශ නියාමන කොමිසමට මිලියන 50ක වන්දියක්ද ගෙවන ලෙස නියෝග කරනු ලැබින.
පසුගිය ජනාධිපතිවරණ ආසන්නයේදී රුපියල් කෝටි 60ක විදුලි සංදේශ නියාමන කොමිසන් සභාවේ මුදල් අවභාවිත කර සිල් රෙදි බෙදා දුන්නේ යයි චෝදනා එල්ල වී තිබින.
No comments:
Post a Comment