Wednesday, September 20, 2017

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී වරුන්ට රුපියල් කෝටිය බැගින් කප්පම් ලැබේ. 2/3 ට චන්දය දෙන්න සල්ලි වලට විකිනෙ...

රුපියල් කෝටි ගණන් වලට විකුණුනු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී වරු.

පළාත්සභා මැතිවරණය කල් දැමීමට අවශ්‍ය නම් ජනමත විචාරණයක් පැවැත්විය යුතු බව අධිකරණය පසුගිය දා තීන්දු කළහ.එම තීන්දුවෙන් අධිකරණ තීන්දුව හැල්ලුවට ලක් කරමින් නීතියට පයින් ගසා හෝ මැතිවරණය කල් දැමීම සදහා වෙනත් උපාය මාර්ගයින් පිළිබද අවදානය යොමුකළ රනිල් සිරිසේන දෙදෙනා පනත් මගින් කාන්තා නියෝජනය වැඩි කරලීම පිණිස හා කොට්ටාශ ක්‍රමයට පළාත් සභා මැතිවරණය පැවැත්වීම සදහා තීන්දු කළහ.ඒ සදහා සරල බහුතරයකින් සම්මත කරගන්නා මැතිවරණ සංශෝධන පනතක් ප්‍රමාණවත් බව කියමින් පුරසාරම් දොඩමින් සිටියේ ආණ්ඩුවට නීතිපති වරයා විසින් දැනුම් දුන්නේ පාර්ලිමේන්තුවේ 2/3 බලයක් සහිතව පනත සම්මත විය යුතු බවයි. සරල බහුතරයකින් සම්මත කර ගැනීමට නොහැකි වීමෙන් දැඩි ආතතියට පත් රනිල් වික්‍රමසිංහ එම මොහොතේ පාර්ලිමේන්තුවේ සිටි සියලු මන්ත්‍රී වරුන් කැදවා පනත සම්මත කර ගැනීමට අවශ්‍ය පරිදි නොපැමිණි සියලු මන්ත්‍රී වරුන් වහාම කැදවා ගැනීමට උපදෙස් ලබා දුන්හ..දුර බැහැර සිටින මන්ත්‍රී වරුන් වහාම ගෙන්වා ගැනීම සදහා හෙළිකොප්ටර් යොදවන ලෙස මලික් සමරවික්‍රම යෙදවිය.වහා ක්‍රියාත්මක වූ මලික් සමරවික්‍රම දයාගමගේට අයත් ගුවන් යානා හා නාවික හමුදාවට අයත් ගුවන් යානා යොදවා මන්ත්‍රී වරුන් 34 ක් පාර්ලිමේන්තුවටම ප්‍රවාහනය කරවිය. ඒ අතර රවී කරුණානායක විසින් රුපියල් කෝටි 10 ක මුදලක් කතානායක වරයාගේ අසලින් තබා ද්‍රවිඩ සන්ධානයට යම්කිසි සංඥාවක් නිකුත් කරනු ලැබුවේ ද්‍රවිඩ ජාතික සන්ධානයට අවශ්‍ය කප්පම් මුදල කතානායක වරයා අසලින් ලබා ගැනීමට කටයුතු කරන ලෙසයි. රටේ ජනතාවගේ පරමාධිපත්‍ය බලය රනිල් වික්‍රමසිංහගේ දෙපා මුලට ඇද දැමීම සදහා අනුර කුමාර දිසානායක ඇතුළු ජනතා විමුක්ති පෙරමුණද මලික් සමරවික්‍රම හමුවී රුපියල් කෝටි 12 ක ලන්සුවක් ඉදිරිපත් කල අතර ඒ සදහා එවලේම මුදල් ලබා දීම සදහා අර්ජුන් ඇලෝෂියස් අනුර කුමාර දිසානායක හට සම්බන්ධ කොට අනුර කි ස්ථානයට මුදල් වහාම යවන ලෙස උපදෙස් ලබා දෙන ලදී. මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී වරුන් පිරිසක් ඒකාබද්ධ විපක්ෂය හා එක් වීමට සුදානම් බව දැන ගත් රනිල් වහාම ඔවුන් ගෙන්වා අවශ්‍ය තරම් මුදල් ලබා දීමට කටයුතු කළ අතර ඇතැමෙක් රුපියල් කෝටි 02 බැගින් ලබා ගනිද්දී ඇතැමුන් රුපියල් ලක්ෂ 100 බැගින් අත්තිකාරම් මුදල් පමණක් ලබා ගනිමින් මැතිවරණය කල් දැමීම සදහා චන්දය භාවිතා කළහ. මැතිවරණය කල් දැමීම සදහා චන්දයක් කැදවන්නට තීන්දු වන විටත් ආණ්ඩුවට අවශ්‍ය 2/3 කණ්ඩායමක් පාර්ලිමේන්තුව තුල රැදී නොසිටීම නිසා සවස 06-30 ට පැවැත්වීමට තිබු චන්දය රාත්‍රී 08-30 දක්වා කල් දැමීමට කථානායක වරයා කටයුතු කලේ පාර්ලිමේන්තුවේ සියලු අණ පනත් සහමුලින්ම උල්ලංගනය කරමිනි. මැතිවරණය කල් දැමීම සදහා පක්ෂව මුදල් ලබා ගත් මන්ත්‍රී වරුන් චන්දය භාවිතා කරමින් චන්ද 153 ක් ලබා දුන්හ.පනතට විපක්ෂව චන්දය ලබා දුන් ඒකාබද්ධ විපක්ෂය වහා මැතිවරණය පවත්වා ජනතාවගේ පරමාධිපත්‍ය බලය ආරක්ෂා කර ගැනීම සදහා සටන් කළහ.එහෙත් එම උත්සාහය සාර්ථක නොවුයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු පක්ෂ මුදලට විකිණී චන්දය භාවිතා කළ නිසාය.යම් හෙයකින් තවත් චන්ද 04 ක් විපක්ෂව ලැබුවේ නම් පළාත් සභා මැතිවරණය පැවතීමට ආණ්ඩුවට සිදු වන අතර ජනතාවගේ චන්ද අයිතියද ආරක්ෂා වීමට ඉඩ තිබුණි..

No comments:

Post a Comment