Monday, September 4, 2017

පර්පචුවල් සමාගම දුරකතන දත්ත 100ක් මකලා

පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමට ලැබුණු හා ඉන් ලබාගත් දුරකතන ඇමතුම් දත්ත සීයයකට අධික ප්‍රමාණයක් මකා දමා සකස් කළ සංයුක්ත තැටියක් කොමිසමට ඉදිරිපත් කළ බව පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ තොරතුරු තාක්ෂණ විධායක සචින් මධුශංක දේවතන්ත්‍රී මහතා අද  (04) බැඳුම්කර කොමිසම හමුවේ පිළිගත්තේය.
 
පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන ගැනුම්කරු වන කසුන් පළිසේන යන මහත්වරුන්ගේ දැනුම් දීම් අනුව දුරකතන ඇමතුම් දත්ත මකා දැමු බවද දේවතන්ත්‍රී මහතා   පැවසීය.




No comments:

Post a Comment