එළඹෙන පළාත් සභා ජන්දයේදී සබරගමුව පළාත් සභාවට කෑගල්ල දිස්ත්‍රික්කයෙන් තරඟ වදීමට ප්‍රකට චරිත ඉදිරිපත්වන බවත් ඒ සම්බන්ධ මූලික වටයේ සාකච්ජා සාර්ථකව අවසන්වී ඇති බවද අප වෙත ඉතා විශ්වාසවන්ත ආරංචි මාර්ග මගින් දැනගන්නට ලැබී ඇත.
ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණ යටතේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් හිටපු ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩක තරංග පරණවිතාන මහතා කෑගල්ල දිස්ත්‍රික්කයට තරඟ වැදීමට නියමිත බවත් ඊට අදාල සාකච්ජා, ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබලයන් සමග පවත්වා ඇති අතර මේ වනවිට ඊට දෙපාර්ශවයේ එකඟතාවය පලවී ඇති බවද සඳහන් වේ.
මේ වනවිට පළාත් සභා රැසකටම ප්‍රවීන චරිත රැසක් ඉදිරිපත්වන බවට ආරංචි ලැබෙමින් පවතින අතර සබරගමු පළාත් සභා මැතිවරණය ඉහත තත්වය හමුවේ උනුසුම්වනු ඇති බවද එම දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන්කර සිටියි.
No comments:
Post a Comment