Thursday, September 7, 2017

ඊයේ තරගයේ හොර රහසේම වැඩි මුදලට විකුණුනු ටිකට් ජාවාරම(වීඩියෝව)

ටිකට් 3 ට රු. 5000 ක් කියලා ෆේස් බුක් දාලා” “රු 300 ටිකට් එක රු 800 ගානේ විකුණලා” මෙරට ක්‍රිකට් තරග පැවැත්වෙන බොහෝ අවස්ථාවලදී ක්‍රීඩා ලෝලීන්ට මුහුණ පෑමට සිදුවන ප්‍රධානතම ගැටලුවක් වන්නේ නියමිත මුදලට ප්‍රවේශ පත්‍ර ලබා ගැනිමට නොහැකි වීමයි.ඊට හේතුව සංවිධානාත්මක පිරිස් ක්‍රිකට් තරගවල ප්‍රවේශ පත්‍ර තොග වශයෙන් කලින් ම මිලදී ගෙන තරග පැවැත්වෙන දිනවලදී ඒවා වැඩි මිලට අලෙවි කිරිමයි.අන්තර්ජාලයේ දැන්වීම් පවා පළ කරමින් වැඩි මිලට ක්‍රිකට් තරග ප්‍රවේශපත්‍ර අලෙවි කිරීම මේ වනවිට ජාවාරමක් බවට පත්ව තිබෙනවා.
ජාවාරම්කරුවන් රුපියල් 800 කට අලෙවි කරනු ලබන්නේ රුපියල් 300 සඳහා මිල නියම කර ඇති ප්‍රවේශ පත්‍රයි. ප්‍රවේශ පත්‍ර අලෙවි කිරීමට ජාවාරම්කරු පැමිණෙන ලෙස දැන්වූයේ බොරැල්ල ප්‍රදේශයටයි.ඒ වනවිටත් බොරැල්ල පොලිස් ස්ථානයේ දූෂණ මර්දන අංශයේ නිලධාරීන් සිවිල් ඇඳුමින් සැරසී සැකකරු අත්අඩංගුවට ගැනීම සදහා සුදානම්ව සිටියා.තමා සන්තකයේ ප්‍රවේශ පත්‍ර 8 ක් පමණක් ඇති බව පැවසුවත් පොලිස් විමර්ශනයේදී සැකකරු සන්තකයේ තිබී රුපියල් 300 වටිනාකමින් යුත් ප්‍රවේශ පත්‍ර 18 ක් සොයාගනු ලැබුවා.වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී සැකකරු පැවසුවේ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පුද්ගලයෙකු හරහා මෙම ප්‍රවේශ පත්‍ර තමන්ට හිමි වූ බවයි. සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ල පොලිසියේ දූෂණ මර්දන ඒකකය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
වීඩියෝව පහතින්…


No comments:

Post a Comment