ලංකා ටී10 සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී තරග පාවාදීම සඳහා පෙළඹවූ බවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට තොරතුරු ලබාදුන් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ඇන්ඩෘ ෆ්ලෙචර් කිසිවකුටත් නොදන්වා රටින් පිටවී ගොස් ඇත.
ගෝල් මාවල්ස් කණ්ඩායමේ ක්‍රීඩක ඇන්ඩෘ ෆ්ලෙචර් සිදු කළ තරග පාවාදීමේ චෝදනා මත සැකපිට අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ ‘ගෝල් මාවල්ස්’ හිමිකරු වන ප්‍රේම් තක්කාර් නමැති ඉන්දීය ජාතිකයා රක්ෂිත බන්ධනාගාරගත කළ දිනයේදීම ඔහු නවාතැන්ගෙන සිටි හෝටලයෙන් අතුරුදන්ව ඇතැයි කණ්ඩායම් ආරංචි මාර්ග පැවසීය. ඔහු කිසිවකුටත් නොදන්වා මෙසේ හෝටලයෙන් පිටව ගොස් ඇත්තේ බටහිර ඉන්දීය කොදෙව් වෙත පිටත්ව යෑමට බව විශ්වාස කෙරේ.
ඇන්ඩෘ ෆ්ලෙචර් ලංකා ටී10 සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ එක් තරගයකට පමණක් ක්‍රීඩා කළ අතර, එහිදී කැන්ඩි බෝල්ට්ස් පිලට එරෙහිව පන්දු 21කදී නොදැවී ලකුණු 41ක් ලබා ගත්තේය. අනතුරුව ගෝල් මාවලර්ස් පිල තරග 5කදී ක්‍රීඩා කළ ද ඇන්ඩෘ ෆ්ලෙචර්ගේ නම සඳහන් නොවුණි.
37 හැවිරිදි ෆ්ලෙචර් බටහිර ඉන්දීය කොදෙව් පිල වෙනුවෙන් එක්දින තරග 25කට හා විස්සයි20 තරග 58කට සහභාගිවී සිටින ආරම්භක පිතිකරුවෙකි.
No comments:
Post a Comment