SF ගේ අනු රුවකටත් ගිනි තබයි,
හිටපු හමුදාපති ජගත් ජයසුරිය මහතා අපරාධ වලට සම්බන්ධ බවත් එම අපරාධ පිලිබදව තමන් සතුව සාක්ෂි ඇති බවද ජගත් ජයසුරිය මහතාට එරෙහිව සාක්ෂි දීමට සුදානම් බවද ප්‍රදේශිය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පසුගියදා ප්‍රකාශ කළේය.මෙම ප්‍රකාශ සම්බන්ධව විවිධ පාර්ශවයන්ගෙන් මේ වන විට විරෝධතාවන් එල්ල වෙමින් පවතියි.
මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දැක්වූ ෆිල්ව් මාර්ෂල් සරත් ෆොන්සේකා සදහන් කර සිටියේ තමන් හමුදාපති ලෙස ලක්ෂ දෙකක හමුදාවකට අණ දුන් බවත් ජගත් ජයසුරිය යනු එහි එක් සාමාජිකයෙක් පමණක් වන නිසා ජගත් ජයසුරිය වගේ අය වැරදි කර ඇත්නම් එහි වරද තමන්ට බාර ගත නොහැකි බවයි.
කෙසේ වෙතත් ෆොන්සේකා මහතාගේ ප්‍රකාශ සම්බන්ධයෙන් වත්මන් හමුදාපති වරයාද පණිවුඩයක් නිකුත් කර තිබුණු අතර එහිදී ඔහු සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා තිබුණේ පෞද්ගලික අමනාපකම් පිරිමසා ගැනීමට උත්තරීතර රණවිරුවන් සම්බන්ධ කර නොගන්න ලෙසයි. කෙසේ වෙතත් තත්වය මෙසේ පවතිද්දී කිරිබත්ගොඩ ප්‍රදේශයේ ජනතා පිරිසක් අමාත්‍ය සරත් ෆොන්සේකාට එරෙහිව උද්ඝෝෂණයේ යෙදෙන විඩියෝවක්ද දක්නට සමාජ ජාල වෙබ් අඩවි තුල හුවමාරු වනු දක්නට ලැබේ. එහිදී ෆොන්සේකා මහතාට විරෝධය දක්වන ජනතාව ඒ මහතාගේ අනුරුවකටද ගිනි තබන අයුරු දක්නට ලැබෙයි (වීඩියෝව පහතින් නරඹන්න)

No comments:
Post a Comment