අග්‍රගණ්‍ය ශ්‍රී ලාංකීය ව්‍යවසායකයෙකු වන චමිත් පලිහපිටිය මහතා සිය නවතම සමාගම වන Social Capital Hedosophia Holdings Corp හි මූලික කොටස් නිකුතුව සිදුකලා. ඒ ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් කොටස් වෙළඳපොලේදී.
කුඩා පරිමාණ තාක්ෂණ සමාගම්වලට අවශ්‍ය ප්‍රාග්ධනය සැපයීම සඳහා ක්‍රියාත්මක වන මෙම සමාඟම ඇමරිකානු ඩොලර් මිලියන 600ක් සිය මූලික කොටස් නිකුතුවෙන් උපයා ගනු ලැබුවා. එය දළ වශයෙන් රුපියල් මිලියන 91,750ක පමණ විශාල මුදලක්.
තවමත් නිසි ලෙස ක්‍රියාත්මක නොවන ළඳරු සමාගමක් මෙවන් විශාල මහජන ආකර්ශණයක් සහ විශ්වාසයක් දිනා ගැනීමට හේතුව එහි මූලිකයා චමිත් පලිහපිටිය වීමයි. ඔහු ඇමරිකාවේ තාක්ෂණ ක්ෂේත්‍රයේ සිටින”වොරන් බෆට්” ලෙසටයි බොහෝ දෙනෙකු හදුන්වන්නේ.
තවමත් තරුණ වියේ පසුවන චමිත් අනිවාර්‍යයෙන්ම කෙදිනක හෝ ලොව අංක එකේ ධනවතා වන බවටද එක්සත් ජනපද ආර්ථික කටයුතු පිළිබඳ මාධ්‍ය කිහිපයක්ම අවස්ථා කිහිපයකදී ප්‍රකාශ කර ඇත
No comments:
Post a Comment