Tuesday, September 5, 2017

ක‍්‍රිකට් ක‍්‍රීඩකයින්ට ඩිලන්තගෙන් සිහින් ටොක්කක්

දිලන්ත මාලගමුව යනු ශ්‍රී ලංකා ක්‍රීඩා ඉතිහාසයේ නොමැකෙන නමක් තැබු වීරයෙක්.
ශ්‍රී ලාංකිකයෙකුට සිහිනයක්ම පමණක් ව තිබු මෝටර් රථ ධාවන ක්ෂේත්‍රයට පා තබා රජයෙන් හෝ රටෙන් කිසිදු අනුග්‍රහයක් නොලබා රටට මහා ගෞරවයක් ගෙනා දිලන්ත පසුගිය දිනෙක සිරස රූපවාහිනී නාළිකාවේ පැවැති සජීවි සංවාදයකට එක් වුනා.ඒ දිලන්ත මෙන්ම රටට ගෞ‍රවයක් ගෙනා ආසියානු කාය වර්ධන ශූර ලූෂන් පුෂ්පරාජ් ඇතුලු පිරිසක් සමග.
එහිදි දිලන්ත දැක්වු අදහසක් සමාජ ජාලා මාධ්‍ය වල කතාබහට ලක්ව තිබෙනවා.
දිලන්ත ප්‍රකාශ කලේ ‘ ඇතැම් ක්‍රීඩාවන්හි ක්‍රීඩකයන් මානසිකව වැටෙනවා යැයි චෝදනා කරනවා නම් ඔවුන් රට නියෝජනය කිරීමට නුසුදුසු බවයි”
එසේ නම් මවුබිමෙන් කිසිදු අනුග්‍රහයක් නොලබා මවුබිමට විශාල ගෞරවයක් ගෙනා තමන් , ලූෂන් ඇතුලු ක්‍රීඩකයන් කොපමණ මානසිකව වැටිය යුතුදැයි ඔහු ප්‍රශ්න කර සිටියා.
එම අවස්ථාවේ සම්පූර්ණ සංවාදය පහතින් ..
දිලන්ත :අපි යන්නේ ශ්‍රී ලාංකිකයෙක් විදියට  , ලූෂන් යන්නේ ශ්‍රී ලාංකිකයෙක් විදියටමොකද අපි ලෝකෙ එක්ක තරග කරලා දින්නට පස්සේ ඔසවන්නේ ශ්‍රී ලංකා ජාතික කොඩිය,
ගැයෙන්නේ ශ්‍රී ලංකා ජාතික ගීය.
අපි තරග කරන්නේ අපේ රට වෙනුවෙන් ලෝකයේ ධණවත් රටවල ක්‍රීඩකයො එක්ක .
ඒ නිසා මේ ක්‍රීඩා ගැනත් බලන්න.
මන් දැකලා තියෙනවා ක්‍රීඩකයො කියනවා මානසිකව වැටිලා කියලා,
එහෙම නම් මම , මෙයා (ලූෂන්) කොහොම වැටෙන්න ඕනද ,
මන් කියන්නේ මානසිකව වැටිච්ච කෙනෙක් රට්ක් නියෝජනය කරන්න සුදුසු නෑ.
නිවේදකයා : ඔබ කියන්නේ විශේෂයෙන් ක්‍රිකට් ක්‍රීඩාව ගැන


දිලන්ත : මන් කියන්නේ හැම ක්‍රීඩාව ගැනම , මට ඇහිලා තියෙනවා ක්‍රීඩකයො මානසිකව වැටිලා කියනවා
ඉතින් මානසිකව වැටිලා නම් කොහොමද රටක් නියෝජනය කරන්නේ
මන් කියන්නේ මානසිකව වැටිලා නම් එයාව පැත්තකින් තියලා මානසිකව හොද තත්වයේ අයව ක්‍රීඩා කරවන්න
මොකද එහෙම මානසිකව වැටෙනවා නම් මෙලහකට මම අංගොඩ , මෙයා (ලූෂන්) මුල්ලේරියාවේ ඉන්න ඕන.




No comments:

Post a Comment