Colombo Times
Friday, January 3, 2025
ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේදී මැණික් පොළක් ලබන ඉරිදා
Saturday, December 21, 2024
මහේෂ් මධුසංඛාගේ නිවසේ විශාල ගැටුමක්. පොලිසියේ දෙකක් රෝහලට
ජනප‍්‍රිය රංගන ශිල්පිණි මහේෂි මධුශංකාගේ සැමියා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.
ඒ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහරදී තුවාල සිදු කිරීමේ සිද්ධියකට අදාලවයි.
ඔහුගේ පහරදීමෙන් බරපතළ තුවාල ලද බොරලැස්ගමුව පොලිසියේ නිලධාරීන් දෙදෙනෙකු කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර තිබේ.
මහේෂි මධුසංඛා පවුල් ආරවුලක් ගැන බොරලැස්ගමුව පොලීසියට දුරකථන මාර්ගයෙන් කරන ලද පැමිණිල්ලක් මත එහි ගිය පොලිස් නිලධාරීන්ට එම නිවසේදී ඇගේ සැමියා විසින් මෙම ප‍්‍රහාරය එල්ල කර ඇත.
ඇයගේ පැමිණිල්ල සටහන් කර ගනිමින් සිටි පොලිස් නිලධාරීන්ට පහර දී ඇති අතර ගැටුම බේරන්නට මැදිහත් වූ තවත් නිලධාරියෙක්ද තුවාල ලබා තිබේ.
පසුව තවත් පොලිස් කණ්ඩායමක් ගොස් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ වන විටත් ඔහු අධික ලෙස බීමත්ව සිට ඇත
ගැටුම මත ඔහුටද තුවාල සිදුවී තිබීම හේතුවෙන් ඔහුද කළුබෝවිල රෝහලට ඇතුළු කර ඇත.
ceylon fox news https://www.profitablecpmrate.com/egpyq5ya?key=fb9e8b1b17a4715c59c42de007573ec8Wednesday, December 18, 2024
අශ්වින් ජාත්‍යන්තර පිටියට සමුදෙයි
Tuesday, December 17, 2024
ශකීබ් අල් හසන්ට පන්දු යැවීම තහනම්
බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ශකීබ් අල් හසන් ට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අනුමැතිය ඇති ජාතික ක්‍රිකට් සංගම් මගින් සංවිධාන කරනු ලබන දේශීය හෝ විදේශීය තරගාවලිවලදී පන්දු යැවීමේ තහනමක් පනවා තිබේ.
බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් ඒ බව ප්‍රකාශ කර ඇත.
එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් පාලක මණ්ඩලය මගින් එරට පැවැත්වෙන ක්‍රිකට් තරගවලදී ශකිබ් ට පන්දු යැවීම පසුගියදා තහනම් කළේය.
ඒ පසුගිය සැප්තැම්බර් මාසයේ පැවති එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගයකදී ඔහු පන්දුව දමා ගැසූ බවට චෝදනා කරමිනි.
ඒ අනුව ශකිබ් සිය පන්දු යැවීමේ ඉරියව්ව නැවත පරීක්ෂණයකට ලක්කළ යුතුය.
ඔහු මේ වනවිට ශ්‍රී ලංකා T10 තරගාවලිය සඳහා එක්වී සිටියි.
ගෝල් මාවල්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන ශකිබ් පසුගිය තරග දෙකේදී ම පන්දු යැවීමෙන් වැළකී සිටියේය.
ටෙස්ට් සහ T20 ජාත්‍යන්තර තරගවලින් සමුගත්ත ද ශකීබ් අල් හසන් එක්දින ජාත්‍යන්තර තරග සඳහා තවමත් බංග්ලාදේශය නියෝජනය කරනු ලබයි.