ඉන්දීය දඟ පන්දු යවන ක්‍රිකට් ක්‍රීඩක රවිචන්ද්‍රන් අශ්වින් තමන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බවට නිල වශයෙන් නිවේදනය කර තිබේ.
බ්‍රිස්බේන් හිදී බෝඩර් ගවස්කාර් ටෙස්ට් කුසලානයේ තෙවැනි ටෙස්ට් තරගය අද (18) වර්ෂාව හේතුවෙන් ජය පරාජයෙන් තොරව අවසන් කෙරුණු අතර, ඉන් අනතුරුවයි අශ්වින් මේ බව දැනුම්දී ඇත.
අශ්වින් මෙම ටෙස්ට් තරගාවලියේ දී ද ක්‍රීඩා කළේ ටෙස්ට් තරග 03න් එකක් පමණක් වන අතර, එහිදී ඔහු ලකුණු 53කට එක් කඩුල්ලක් දවා ගත්තේය.
ඒ අනුව, අශ්වින් සිව්වැනි සහ පස්වැනි ටෙස්ට් තරග සඳහා එක් නොවන බවත් වාර්තා වේ.
අශ්වින් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමෙන් පසු හෙට (19) දිනයේ දීම තම මව්බිම බලා පිටත්ව යාමට නියමිත බව වාර්තා වේ.
බ්‍රිස්බේන් ටෙස්ට් තරගයෙන් පසු ප්‍රවෘත්ති සාකඡාවකදී අශ්වින් පැවසුවේ,
“ජාත්‍යන්තර මට්ටමේ සියලුම ආකෘතින් හි ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස මෙය මගේ අවසාන දිනය වනු ඇත.
මම ගොඩක් විනෝද වුණා. මම රෝහිත් ෂර්මා සහ මගේ අනෙකුත් කණ්ඩායමේ සගයන් කිහිප දෙනෙකු සමඟ එක්ව බොහෝ මතකයන් නිර්මාණය කර ඇති බව පැවසිය යුතුයි.
පැහැදිලිවම ස්තුති කරන්න ගොඩක් අය ඉන්නවා, නමුත් මම BCCI සහ සෙසු කණ්ඩායමේ සගයන්ට ස්තුති නොකළේ නම් මම මගේ රාජකාරිය පැහැර හරිනවා. ඔවුන්ගෙන් කිහිප දෙනෙක්. මට ඔවුන්ගෙන් කිහිප දෙනෙකු නම් කිරීමට අවශ්‍යයි.
සියලුම පුහුණුකරුවන් වඩාත්ම වැදගත් දෙය නම්, මා යොමු කළ පන්දු පිතිකරුවන් එල්ල කරන ලද ප්‍රහාරවලින් විශිෂ්ට අයුරින් රැකගත් ප්‍රධාන පෙළේ ක්‍රීඩකයින් අතර රෝහිත්, විරාත් කෝලි, අජිරීා රහානේ, චේතස්වර් පුජාරා සිටිනවා.”
අශ්වින් ටෙස්ට් තරග 106ක දී කඩුලු 537ක් බිඳ හෙලා තිබෙන අතර එක්දින තර 116ක දී බිඳ හෙලා ඇති කඩුලු ගණන 156කි. පන්දුවාර 20 තරග 65ක දී කඩුලු 72ක් අශ්වින් නමින් ලියැවී තිබේ.
ටෙස්ට් තරගයක දී අශ්වින්ගේ හොඳම පන්දු යැවීම සටහන් ව ඇත්තේ ලකුණු 59කට කඩුලු 07ක් ලෙස ය.
එක්දින කඩුලු බිඳ දැමීමේ දී ලකුණු 25කට කඩුලු 04ක් සහ පන්දුවාර 20 තරගයක දී ලකුණු 08කට කඩුලු 04ක් බිඳ දැමීම අශ්වින්ගේ වාර්තා අතරට එක්වේ.
අශ්වින් ටෙස්ට් පිතිකරුවෙකු ලෙස ද හොඳ ඉනිම් ක්‍රීඩා කර ඇති අතර ඔහුගේ විශිෂ්ටතම ටෙස්ට් ලකුණු වන්නේ ලකුණු 124කි.
2011 වර්ෂයේ දී නවදිල්ලියේ දී බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව ජාත්‍යන්තර මංගල ටෙස්ට් වරම් දිනූ අශ්වින් එක්දින වරම් හිමිකරගත්තේ 2010 ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව හරාරේ නුවරදී ය.
https://www.profitablecpmrate.com/egpyq5ya?key=fb9e8b1b17a4715c59c42de007573ec8
No comments:
Post a Comment