බැදුම්කර නිකුතුවට උපදෙස් ලබා දුන් බව රවී පිළිගනියි…
බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් තමා නිවැරදි උපදෙස් ලබා දුන්නත්, මහ බැංකුව නිසි අයුරින් ඒවා ක්‍රියාත්මක කර නොමැති බව හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබා දෙමීන් සඳහන් කර තිබේ.
මහ බැංකු බැඳුම්කර නිකුතුවේ දී අඩු ලංසු ඉදිරිපත් කරන්නැයි රජයේ බැංකුවලට එවකට සිටි මුදල් ඇමැති රවි කරුණානායක මහතා උපදෙස් දුන් බවට පසුගියදා (04) බැඳුම්කර කොමිසම හමුවේ අනාවරණය වූ සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසීමකට පිළිතුරු වශයෙන් හෙතෙම මෙම ප්‍රකාශය සිදු කර ඇත.
පොලී අනුපාතය අඩුකිරීම සඳහා තමා මුදල් ඇමැතිවරයා වශයෙන් පත් වූ මුල් දිනවල සිටම උපදෙස් දුන් බවද. විශේෂයෙන් රටේ පොලී අනුපාතය අඩුවීම කෙරෙහි එය බලපාන බවත්, එය රටට හිතකර කාරණයක් වන බව හෙතෙම සඳහන් කර ඇත.
එසේම මෙම තීන්දු තීරණ ගනු ලැබුවේ මුදල් ශේෂය සම්බන්ධ විශේෂඥයකු වූ පාස්කරලිංගම් මහතා ඇතුළු තිස් දෙනකුට අධික පිරිසක් සහභාගි වූ සාකච්ඡාවකදී බව කරුණානායක මහතා අවධාරණය කර තිබේ.
කෙසේ වෙතත් තමා ලබාදුන් උපදේශය නිවැරදි එකක් වුවත් මහ බැංකුව එය ක්‍රියාත්මක කිරීමේ දී එය නිසි අයුරින් ක්‍රියාත්මක වී නොමැති බවත්, ඒ අනුව මහ බැංකුව කළ වරදක් තමන් මත පැටවීම සාධාරණ නොවන බව සඳහන් කරන එ මහතා, එම වකවානුව තුළ දී මහ බැංකුව ඇතුළු අනෙකුත් බැංකු තමාගේ විෂය පථයෙන් බැහැරව තිබූ බවද ප්‍රකාශ කර තිබේ.
එසේම ඉහළ මට්ටමක තිබූ පොලී අනුපාතය පහළ මට්ටමකට ගෙන ඒමට අවශ්‍ය උපදෙස් ලබා දීම මුදල් ඇමැතිවරයා වශයෙන් සිය වගකීම බවත් කී එසේ නොකරනවා නම් ඒ මුදල් ඇමැතිවරයා පිස්සෙක් බවද හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා වැඩි දුරටත් ප්‍රකාශ කර ඇත.
No comments:
Post a Comment