Sunday, October 8, 2017

නාමල් රාජපක්ෂ මන්ත්‍රී වරයා අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග

නාමල් රාජපක්ෂ මන්ත්‍රී වරයා අත්අඩංගුවට ගන්නා ලෙසත් පළාත් පාලන මැතිවරණය අවසන් වන තුරු සිරගත කරන ලෙසත් මහින්ද අමරවීර ඇමතිවරයා පොලිස් පති වරයාට දැනුම් දී ඇති බව මිට සුළු මොහොතකට පෙර වාර්තා විය. මත්තල ගුවන් තොටුපල ඉන්දියාවට විකුණා දැමීමට එරෙහිව පසුගිය සිකුරාදා පවත්වන ලද විරෝධතාව පදනම් කොට නාමල් මන්ත්‍රී වරයා මෙලෙස සිර ගත කොට පළාත් පාලන මැතිවරණය සදහා ඔහුගේ ක්‍රියාකාරී දායකත්වය නවතා දැමීමට සිරිසේන ජනාධිපති වරයා හා මහින්ද අමරවීර විසින් මෙලෙස කටයුතු කරන අතර මහාචාර්ය ජී.එල් පීරිස්.කුමාර වෙල්ගම.ඉන්දික අනුරුද්ධ.ශෙහාන් සේමසිංහ.ඩි වී චානක මන්ත්‍රී වරුන් හා දකුණු පළාත් සභා මන්ත්‍රී සම්පත් අතුකෝරාල.උපාලි කොඩිකාර.අජිත් ප්‍රසන්න ඇතුළු පිරිසක්ද මෙලෙස සිර ගත කිරීමට කිරීමට කටයුතු කරමින් සිටින ආණ්ඩුව නාමල් රාජපක්ෂ මන්ත්‍රී වරයා සමග කටයුතු කරන ක්‍රියාකාරීන් 12 දෙනෙකුද වහාම අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග ලබා දී ඇත.


No comments:

Post a Comment