පාකිස්ථානය සමඟින් පැවැත්වෙන එක්දින හා විස්සයි විස්ස තරඟාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා පිලේ සංචිතයට සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග තෝරාගෙන නැති බවට අප වෙත ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග ඔස්සේ තොරතුරු වාර්තා වෙනවා.
නම් කිරීමට නියමිත ශ්‍රී ලංකා සංචිතයට ඒ අනුව ලසිත් මාලිංග වෙනුවට වෙනත් ක්‍රීඩකයෙකු ආදේශ කර ඇති බවයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් තොරතුරු වාර්තා කර සිටින්නේ.
පසුගියදා ලසිත් මාලිංග විසින් වෝටර්ස් ඒජ් පරිශ්‍රයේදී ක්‍රිකට් ක්ෂේත්‍රයට සම්බන්ධ පිරිසක් සහභාගී වූ වැඩසටහනක විශේෂ කතාවක් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් පිළිබඳව දැඩි විවේචන රැසක් එල්ල කර තිබුණා.
එම කතාව අවසන් වීමෙන් පසු ලසිත් මාලිංග විසින් එම ස්ථානයෙන් පිටව ගොස් තිබුණේ ඉදිරියේදී තමන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කිරීම අවිනිශ්චිතයැයි පවසමින්.
කෙසේ නමුත් මෙම සිද්ධියේ ඇත්ත නැත්ත සංචිතය නම් කිරීමෙන් පසු හෙළිදරව් වීමට නියමිතයි.
No comments:
Post a Comment