Tuesday, October 10, 2017

යට ඇදුම ගලවා දැමු සිරස

..
පසුගියදා පැවති රැස්වීමකදී බැසිල් රාජපක්ෂ විසින් දැක්වූ අදහසක් සම්බන්දව අද දින සිරස යට ඇදුමද ගලවා දමා නිර්වස්ත්‍ර වී කරුණු දක්වන අකාරය ඉතා නිර්ලජ්ජිත විය.
බැසිල් ප්‍රකාශ කලේ ” මේ රටේ විකාශන අයිතිය දෙන සංඛ්‍යාත එක සමාගමකට දුන්නා. එදා නෙලුම් කුලුන හදලා, සුනාමිය ආවත් අපේ සන්නිවේදනය අඩපණ නොවෙන්න හදන්න කියපු ඒ සංඛ්‍යාත ටික මහරාජා සමාගමට අතයටින් දුන්නා ” යනුවෙනි.
මෙය සමග මේ සිද්ධිය සැල වුනු මහාරාජා විසින් බැසිල්ගේ පැටිකිරිය ගැලෙව්වේ ඔහු පසුගිය ආණ්ඩු සමයේ සහ දැන් කරන දේ හැල්ලුවට ලක් කරමිනි. අද සිරස News 1st ප්‍රවෘති විකාශය වෙමින් පවතින අවස්ථාවක හදිසියේම නිව්ස් වේදිකාවට පැමිණි සිරස ප්‍රවෘති ඉදිරිපත් කරන්නෙකු වන රොෂාන් ප්‍රිය වටවල නමැති මහරාජාගේ අසුචි බුදින මාධ්‍ය සදාචාරයේ අවමයවත් නොදැන ඔහු විසින් විනාඩි 5 ක කාලයක් එක දිගට බැසිල් රාජපක්ෂගේ රෙදි ගැලව්වේ ” රාජපක්ෂ පවුල කාපු එකා, අනූනමයෙන් බේරුණ හෙල්පින් හම්බන්තොට අමතක වෙලා ද? ” ආදී එකී නොකී සිද්ධි මතක් කරදෙමිනි.
එමෙන්ම ප්‍රවුර්ති විකාශනය සිදු කල වසන්ත නම් නිවේදකයාද ඉතා පහත් නින්දිත අයුරින් මිස්ට 10% ලෙස කුප්‍රකට ජනවාරි 8 පසු කඩමලු බැදගෙන ඇමරිකාවට පලාගිය ඇමරිකානු පුරවැසි බැසිල් රාජපක්ෂ ලෙස හංවඩු ගසන අකාරයද තිරයේ දිස්වුයේ සිරස යනු තවත් මේ රටේ මහජනතාව වෙත සත්‍ය එලෙසින් ගෙනෙන සමබර නාලිකාවක් නොව සැබවින්ම රාජපක්ෂ භීතිකාවෙන් තවමත් පෙළෙමින් සිටින මහාරාජාගේ කුප්‍රකට කොටි සිරස ලෙසය.
සිරස මෙන්ම ආණ්ඩුව විශේෂයෙන්ම සිරිසේනගේ රෙදි අපුල්ලන කොටි සිරස බැසිල්ට බියවුයේ ඇයි?
බැසිල්ගේ උතුරේ සංචාරයත්, එමගින් ආණ්ඩුව නොසිතු ජනප්‍රසාදයක් උතුරෙන් බැසිල්ට ලැබීමත් සමග බැසිල් දමනයට ආණ්ඩුව සුදානම්වන අයුරු එළිපිට පෙනෙන්නට විය. එය අපට බැසිල් නොබියව කල මෙම ප්‍රකාශයත් සමග උරණ වූ ආණ්ඩුව මෙන්ම සිරසද අමු අමුවේ බැසිල් එල්ල කර තවමත් බොරුවෙන් රටේ ජනතාව මුලා කල හැකිය යන්න කියාපාමින්, බැසිල්ගේ මල්වානේ නිවසද, ගොවීන්ට බෙදාදීමට ඉන්දියාවෙන් ගෙනාපු ට්‍රැක්ටර්, කිරි එළදෙනුන්, දුප්පත් ජනතාවට සමුර්දි කාඩ්පත් ලබාදී වංචා කළා යන්න මොන්ටිසෝරි යන කුඩා ළමුන් මෙන් මෙම පරිණත මාධ්‍ය වේදියා ක්‍රියාකළ අයුරු අතිශය නින්දිතය. එමෙන්ම සාමන්යෙන් හැදිච්ච පවුලක මාධ්‍යවේදියෙක් තියා කිසිවෙකුත් කිසිවෙකුට කාලකන්නියා යන්න ආමන්ත්‍රණය නොකරයි. එය සිරස වැනි ප්‍රබල ජනමාද්‍ය ආයතනයක ප්‍රවුර්ති විකාශන කුටියේ සිට ප්‍රකාශ කිරීමට තරම් සිරස නින්දිත පහත් තත්වයකට පත් වී ඇත.
සරලව ප්‍රකාශ කරනවානම් නිදහසින් පසු ශ්‍රී ලංකාවේ කිසිම දේශපාලන පක්ෂයක් ඍජුවම උතුරේ දේශපාලන කටයුතු වල නොයෙදී බැසිල් උතුරට ගොස් පොදුජන පෙරමුණේ සක්‍රිය දේශපාලනය උතුරට කැඳවීම සමගින් උතුරේ සිරිසේනගේද කොටි රුකඩ විසින් නටවමින් සිටි උතුරේ ජනතාව බැසිල් ප්‍රමුක පොදුජන පෙරමුණ වටා කේන්ද්‍රගත වීම හරහා උතුරේ දේශපාලකයන් සැමදා සිතා සිටින ආකාරයට උතුරේ චන්ද මතින් පාර්ලිමේන්තු ගොස් බෙදුම්වාදය දෙසට රට තල්ලු කිරීමේ කිරීමේ කිලිමහරාජ ප්‍රමුක කොටි සිරසද, රොෂාන් ප්‍රිය වටවල, වසන්ත නමැති අදම මාධ්‍යවේදීන් ඩොලර් වෙනුවෙන් සිය මවුබිම මෙන්ම දෙමවුපිය වුවද විකිණිය හැකිය යන්න මෙම තුච්ච නින්දිත ප්‍රකාශයත් සමගින් ගම්‍ය විය.
අවසාන වශයෙන් සිරසට මෙන්ම තුප්පහි නින්දිත මාධ්‍ය වේදියා වන අස්කික්කිත රොෂාන් ප්‍රිය වටවල වැනි කබ්බන්ට මතක් කර දිය යුතු වන්නේ බැසිල් නිර්වස්ත්‍රව නැත. නිර්වස්ත්‍ර වී ඇත්තේ සිරස මාධ්‍ය ජාලයයි. අවසාන වශයෙන් ටොක්කක් ඇන සිරසට මතක් කර දිය යුතු වන්නේ බැසිල්ගේ පාර්ලිමේන්තු පුටුව සෝදා අයින් කිරීමට පෙර නුබලාගේ යට ඇදුම සෝදා වේලා ගනිවු යන්නය.


No comments:

Post a Comment