ප්‍රබල සුනාම් තත්වයක් ඉදිරි වසර 30 ඇතුළත ජපානයට ඇතිවන බවට නවතම වාර්ථාවකින් අනාවරණය වී තිබෙනවා.
එහිදි ඇති වන භූ කම්පනය ජපානයේ ෆුකුෂිමා හි සිදුවු භූ කම්පනයට වඩා ප්‍රබල වන බවයි ටෝකියෝ නුවර භූ විද්‍යාඥයින් පිරිසක් සදහන් කර ඇත්තේ.
සිදු විය හැකි භූ කම්පනයෙන් ජපානයේ නැගෙනහිර හොකයිඩෝ ප්‍රාන්තයට දැඩි බලපෑම් එල්ල විය හැකි අතර, එය රික්ටර් පරිමාණ ඒකක 8.6ත් 9 ත් අතර ප්‍රබලත්වයක් ගනු ඇති බවට අනතුරු අඟවා තිබෙනවා.
වසර 400 ක භූ කම්පන වාර්තා සැලකිල්ලට ගනිමින් මෙම වාර්තාව සකස් කර ඇති බව සඳහන්.